ලලිත්ට චොකා කේස් – යළිත් මාංචු

Lalith-Jayasingheහිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විද්‍යා ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරුට ඇප ලබාදීමට උපදෙස්දීම සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත මුදාහැර සිටි හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යළි අත්අඩංගුවට ගෙන ඇත්තේ පැවති ජනාධිපතිවරණ සමයේ සිදුවූ පුද්ගල ඝාතනයක ප්‍රධාන සැකකරුවෙකු නීතියෙන් වසන් කිරීමේ චෝදනාවකටය.

2015 වසරේ ජනවාරි මස 05 වන දින ජනාධිපතිවරණ සමයේ කහවත්ත පොලිස් වසමේදී පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කහවත්තේ මැතිවරණ වේදිකාවක් අසල වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලීගේ නම බී වාර්තාවට ඇතුළත් නොකරන්නැයි ඉහළ පොලිස් නිලධාරීන්ට බලපෑම් කිරීම යන චෝදනාවට සැකපිට ඔහු එසේ අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයට කැඳවා ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමෙන් පසු මේස් අත්අඩංගුවට ගත් බවත් ඔහු අද (25) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පවසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.