ලලිත් – අනූෂගේ දඩය ගෙවන්න මහින්ද සූදානම්?

පසුගිය ජනාධිපතිවරනයේදී මහින්ද රාජපක්ෂට වාසි සහගත ලෙස විදුලි සංදේශන නියාමන කොමිසමේ අරමුදල් වලින් රුපියල් මිලියන 600ක් යොදවා සුදු රෙදි බෙදාදීමේ චෝදනාවට වරදකරු කරන ලද හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශන නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල්අනූෂ පැල්පිට යන මහත්වරුන්ට නියම වී ඇති මිලියන පනහේ වන්දිය ගෙවීමට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සැරසෙන බවට මාධ්‍ය වාර්තා කොට තිබේ.

මේ දඩුවම් කිරීම පිළිබඳ කරුණු දක්වන නීතිඥ එල්මෝ පෙරේරා කියා සිටින්නේ රාජ්‍ය මුදල් දේපල අවභාවිතය නොකල යුතු බව සෑම නිලධාරියෙක්ම දැනගෙන සිටින කරුණක් වන නමුත් මෙහිදී මේ නිලධාරීන් දෙපල මෙසේ කි‍්‍රයාත්මක වීම සිතාමතා කල වැරද්දක් වන බවය. දේශපාලඥයින් දෙන වැරදි නියෝග කි‍්‍රයාත්මක කිරීම ප‍්‍රතික්ෂේප කල යුතු බව ඉන්දීය අධිකරණයක් තීරණය කර ඇති බවයි ඔහු කියා සිටින්නේ. නීතිඥ උපුල් කුමාරප්පෙරුම කියා සිටින්නේ අංක එකේ රාජ්‍ය නිලධාරියා බන්ධනාගාර ගත කිරීම ඓතිහාසික නඩු තීන්දුවක් වන බවයි. නීතිඥ ජේ. සී. වැලිඅමුණ කියා සිටින්නේ මෙය සෙසු රජයේ නිලධාරීන්ටත් පාඩමක් වන බවයි. පළාත් සභා මන්තී‍්‍ර වසන්ත සමරසිංහ ප‍්‍රකාශ කරන්නේ උසාවියේ කි‍්‍රයා කලාපය නිවැරදි නමුත් ලලිත් වීරතුංගවත් අනූෂ පැලිපිටවත් ජන්දය ඉල්ලූවේ නැති බවයි. එහෙයින් ජන්දයට ඉදිරිපත් වූ මහින්ද රාජපක්ෂට බේරීයාමට අවස්ථාවක් ලැබී තිබීම කණගාටුවට කරුණක් වන බවයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!