ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට දෙදෙනා බන්ධනාගාර රෝහලට

lalith-anushaලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට දෙදෙනා බන්ධනාගාර රෝහලට ඇතුලත් කොට ඇත. සිරකරු අංක V 18069 ලලිත් වීරතුංගට ලැබී ඇති අතර සිරකරු අංක V 18068 අනුෂ පැල්පිට ට ලැබී ඇත.

 

මේ වන විට මේ ‘සුපිරි රෝගීන්‘ හමුවීම සඳහා උදය ගම්මන්පිල, රංජිත් සොයිසා, ප්‍රියංකර ජයරත්න සහ සරත් කුමාර ගුණරත්න යන අපරාධ චෝදනා විභාග වන ඒකාබද්ධයේ තවත් මන්ත්‍රීවරුන්ද බන්ධනාගාර රෝහලට ගොස් සිටිති.

ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට දෙදෙනා වෛද්‍ය වාර්තා මත බන්ධනාගාර රෝහලට ඇතුලත් කරන ලද එහි ප්‍රධාන වෛද්‍යවරිය දොස්තර නිර්මලී තේනුවර ගේ ක්‍රියා කලාපය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කෙරෙමින් පවතී.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසන්නේ ඔවුන් දෙදෙනා දියවැඩියා රෝගයෙන් පෙළීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බවයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!