ලසන්තට යුක්තිය අද නෙවේ හෙට

lasantha-wickrematungeඅවුරුදු නමයක් ගතවී ඇතත් තවමත් නිමවී නැති සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ දී හෙළිදරව් වුනේ ඝාතනය සිදුවීමට පෙර දින ඔහුගේ කාර්යාලය අසල මරදාන ට්‍රිපෝලි හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන් ගැවසී ඇත.

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළිදරව් වුනේ මේ වනවිට නවසිය පනස් දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් ඉන් දෙසිය අනූ පස් දෙනකු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් බවයි.

පළමුවන පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමේදී වෛද්‍යවරුන්ට කිසියම් බලපෑමක් එල්ල වී තිබුණේ ද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසයි ඒ සඳහා මේ තරම් කාලයක් ගත වන්නේ මන්ද යන ප්‍රශ්නය මතුවෙන බව ජනමාධයවේදීන් පවසති.

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් දීමට අපොහොසත් වීම හේතුවෙන් ඊට වගකිව යුතු ප්‍රධාන සැකකරු හෝ සැකකරුවන්ට අනාගතයේදී රටේ ජනාධිපති හෝ අගමැති වරයා වීමට පවා ඉඩ ඇති බව ලසන්තගේ සොහොයුරු ලාල් වික්‍රමතුංග වෙනුවෙන් පවුලේ සාමාජිකාවක් කියා සිටියාය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.