ලසන්ත,සිවරාම්,ප්‍රගීත් සුසුමකි ඔබ

‘යුක්තිය වෙනුවෙන් මහින්ද පලවා හරින්න’  කොළොඹ විහාරමහාදේවී උයනට ලසන්ත වික්‍රමතුංග සැමරුමට එක්වූ අතුරුදහන්  වූ  ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිය සන්ධ්‍යා  එක්නැලිගොඩ රැස්ව සිටි පිරිසට කියා සිටීයේ  ලසන්ත, ප්‍රගීත් හා ශිවරාම් ඇතුළු සහෘද මාධ්‍යවේදීන් සිහිකිරීම සදහා දැල්වූ ඉටිපන්දම් එළියේ හිදිමින්.

ලසන්ත  වික්‍රමතුංග මරාදැමු පුද්ගලයා තමන් දන්නා බව ජනාධිපති මහින්ද රාජපක්ෂ කියතත් ඒ තොරතුරු උසාවියට නොකියන්නේ මන්දැයි ඔහුගේ සොයුරු ලසන්ත වික්‍රමතුංග ප්‍රශ්ණ කළේය.

අතුරුදහන් වූ හා විවිධ වදහිංසාවන්ට ලක්වූ මාධ්‍යවේදීන් සිහිකරමින් ඉටිපහන් දල්වා ප්‍රදර්ශක පුවරු ඔසවාගනිමින් නිහඩ විරෝධතාවක නිරත වූ අතර පසුව ලිප්ටන් වටරවුම දක්වා පා ගමනින් පැමිණ විසිර ගියහ.

මෙම අවස්ථාවට ,  ද, පුරවැසි බලය සාමාජිකයන් ද, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු මාධ්‍ය සංවිධානවල සාමාජිකයන් විශාල පිරිසක්ද, සහභාගී වී සිටියහ.

සන්ධ්‍යා, අරලිය ගහ මන්දිරය ගේට්ටුව ළඟ පොල් ගසති

 

 මේ අතරවාරේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා යළි ලබාදෙන්නැයි ඉල්ලා අරලියගහ මන්දිරය ප්‍රධාන දොරටුව අභියසදී අද (06දා) පෙරවරු කාලයේ පොල් ගසා, දෙවියන්ට කන්නලව් කිරීමක් සිදුකෙරුණි.

ජාතික භික්ෂු එකමුතුව, එක්සත් භික්ෂු පෙරමුණ, කතෝලික, මුස්ලිම් ජනතාව, සන්ද්‍යා එක්නැලිගොඩ මහත්මිය සහ දරුවන් දෙදෙනා, අනෝමා ෆොන්සේකා මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

Lasanha1_600px_14_01_06 (1)Lasanha1_600px_14_01_06

 

 

[vsw id=”/NXnUaKLoHxI” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.