ලාල්කාන්ත අත්අඩංගුවට?

K. D. Lalkanthaඊයේ වරෙන්තුකරුවෙකු වූ රයන් ජයලත් අත්අඩංගුවට ගැනීම වැලැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක් හා වෛද්‍ය සංගමයේ කිහිප දෙනෙක් අත්අඩංගුවට ගන්නා බව කොළඹ අපරාධ කොට්ඨාශය දැනුම්දී ඇත. මේ සඳහා හඬ පට හා වීඩියෝ දර්ශන නරඹා ලාල්කාන්ත හා එම ස්ථානයේ සිටි පළාත් සභා මන්තී‍්‍රවරුන් වන වසන්ත සමරසිංහ, මලින්ද ජයසිංහ අත්අඩංගුවට ගන්නා බව පොලිසිය කියයි.

නමුත් මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් කරන අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු මංගල මද්දුමගේ පවසන්නේ පැහැර ගැනීමට පැමිණි සිවිල් ඇඳුමෙන් සැරසුනු කොණ්ඩ වවාගත්, මාල කරාඹු දමා ගත් පිරිස තම උත්සහය ව්‍යාර්ථවීමෙන් පසු දැන් හදන්නේ එය නීත්‍යානුකූල කිරීමට බවයි.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.