ලැජ්ජාවෙන් බේරීමේ බස් කමිටුව පත් වේ

Bus Strike Committeeපෞද්ගලික බස් රථ දඩ විරෝධය පිළිබඳව ආණ්ඩුව දැඩි ස්ථාවරයක සිටින බව පෙනෙන්නට තිබේ. මෙසේ කිරීම දේශපාලනික වශයෙන් වාසිදායක හෙයින් දඩ මුදල් සම්බන්ධයෙන් වෙනසක් නොවීමට ඉඩ තිබේ.

දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරතවී සිටි සමස්ත ලංකා බස් රථ හිමියන්ගේ සංගමය ඇතුළු තවත් බස් සංගම් කීපයක නියෝජිතයින් හට ලැජ්ජාවෙන් බේරීම සඳහා කමිටුවක් පත් කොට ඇතත් එතැනින් එහාට යමක් සිදුවෙන බවක් පෙනෙන්නට නැත.

දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරතවී සිටි සමස්ත ලංකා බස් රථ හිමියන්ගේ සංගමය ඇතුළු තවත් බස් සංගම් කීපයක නියෝජිතයින් සමග අද (දෙසැ.03) ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා එම පියවර ගත් බව ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වේ.

ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, රථ වාහන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිපතිවරයා විසින් පත් කරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු, මෝටර් රථ කොමසාරිස් විසින් පත් කරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහ ජනාධිපති අතිරේක ලේකම්වරයෙකුගෙන් සමන්විත මණ්ඩලය ලබන සඳුදා සමස්ත ලංකා බස් රථ හිමියන්ගේ සංගමයේ තෝරා ගත් නියෝජිතයින් පිරිසක් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවත් ඉහත කී නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!