ලිහිලක් සමග රතු එළියක්-යුද අපරාධ වාර්තාවට සැප්තැම්බරය දක්වා කල්

ලබන මාර්තුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාව ලබන සැප්තැම්බර තෙක් කල් දැමූ බව එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්‌ සෙයිද් රාද් අල් හුසේන් මහතා කියා සිටී.

 

විදේශ ඇමැති මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ කරුණ සලකා බලමින් එම තීරණය ගෙන ඇති අතර මෙය ශ්‍රී ලංකාවට දෙන අවසාන අවස්ථාව බවත්, එම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ආකාරය බලා සිටින බවත් මහ කොමසාරිස් වරය ප්‍රකාශ කළේය.

 

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බවට එල්ලවී ඇති චෝදනා පිළිබඳ සොයාබලා ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව ලබන සැප්තැම්බර් මාසය දක්‌වා කල් දැමීමට එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්‌ සෙයිද් රාද් අල් හුසේන් මහතා ශ්‍රී ලංකා රජයට එකඟ වී ඇත.

 

ලබන මස (මාර්තු) පැවැත්වෙන එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ 30 වැනි සැසි වාරයේදී මෙම වාර්තාව ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් නව රජය බලයට පත්වී තවම මාසයකට ආසන්න කෙටි කාලයක්‌ බැවින් මෙවැනි භාරධූර වාර්තාවක්‌ ක්‌ෂණිකව ඉදිරිපත් කිරීමට අපහසු බව විදේශ ඇමැති  මංගල සමරවීර මහතා එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌වරයා වෙත යවන ලද ලිපියට පිළිතුරු ලෙසින් මෙලෙස එකඟතාවය පළකර තිබේ. නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින්ද මානව හිමිකම් ආරක්‌ෂා කිරීම පිළිබඳව දැඩි අවධානයක්‌ යොමුකර ඇතැයිද රජය පත්වූ වහාම ජනතාවට තොරතුරු දැනගැනීමට ඇති අයිතිය තහවුරු කරමින් මෙතෙක්‌ අවහිර කර තිබූ ඇතැම් වෙබ් අඩවි යළි නිදහස්‌ කළ බවද සිය ලිපිය මගින් විදේශ ඇමැතිවරයා මානව හිමිකම් කොමසාරිස්‌වරයාට දන්වා ඇත.

 

ශ්‍රී ලංකාවේ සිදුවූවේ යෑයි චෝදනා එල්ල වී ඇති යුද අපරාධ පිළිබඳ පූර්ණ විමර්ශනයක්‌ කර වාර්තාවක්‌ ඉදිරිපත් කිරීමට නව රජය ක්‍රියාකරන බවද විදේශ ඇමැති මංගල සමරවීර මහතා සිය ලිපිය මගින් වැඩිදුරටත් දැනුම් දී තිබේ.

un gives sri lanka more time to file human rights report.

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.