ලොකුගේට කැපිල්ලක්-කත්‍රී සම සංවිධායක

කැස්බෑව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම සංවිධායක ලෙස චන්දන 1cd4ee148d570acd9d1402bbccc5a854_Lමහතා පත් කෙරේ.

ඒ මහතා අද (23) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.

පොදුජන එක්සත් පෙරමුණු රජයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ චන්දන කත්‍රීආරච්චි මහතා රත්මලාන ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම සංවිධායකවරයා ලෙසද කටයුතු කළේය.

කැස්බෑව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලෙස කටයුතු කරන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ හිතවතකු වන හිටපු ඇමති ගාමිණී ලොකුගේ මහතා ය.

චන්දන කත්‍රීආරච්චි මහතා වෙත පවරා තිබු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ රත්මලාන ආසනය දෙකට බෙදා, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් එම ආසනයේ සම සංවිධායකවරයා ලෙස හිටපු අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන්ලාල් ගේ‍්‍රරු මහතා පත් කර තිබින.

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.