ලොතරැයි මණ්ඩලයේ සභාපති ඉවත් කිරීමට ගැසට් නිවේදනයක්

lottary-bordඑජාප නායක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන අවස්ථාවක එම ආණ්ඩුව බලයට ගෙන ඒමට ක්‍රියාකාරි දායකත්වයක් සැපයු වර්තමාන ජාතික සංවර්ධනයට ලොතරැයි මණ්ඩලයේ සභාපති වන රොමේෂ් ජයවර්ධන මහතා 03/09/2017 දා ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 2035/02 අති විශේෂ ගැසට් පත්‍රය මගින් වහාම ඔහු දැරු එම තනතුරින් ඉවත් කොට ඇත. මේ බැව් ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 2035/02 අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධ කොට ඇත.

ජාතික සංවර්ධනයට ලොතරැයි මණ්ඩලයේ වර්තමාන සභාපති වන රොමේෂ් ජයවර්ධන මහතා හිටපු මුදල් අමාත්‍ය මෙන්ම හිටපු විදේශ කටයුතු අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවි කරුණානායක මහතාගේ මස්සිනාය.

සාමන්‍යයෙන් මණ්ඩලයක සභාපති ඉවත් කිරීමට දැනුම් දීමක් ප්‍රමාණවත් වේ එහෙත් මෙහිදී ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සිදුවී ඇත .මෙයින් පෙනී යන්නේ රවී කරුනනනයක ආණ්ඩුවේ දේ තමන් ගේ ග්‍රහණයට ගෙන් ඇති තරමයි. මේ ගැසට් නිවේදනය තවත් දේශපාලන අර්බුදයක මුල් පියවර විය හැකිය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!