ලොව විශාලතම සමාධි පිළිමය නිරාවරණය වේ

DSC_0517-copy

 

කුරුණෑගල රම්බඩගල්ල මොණරාගල විද්‍යාසාගර පිරිවෙනේ බුදු පිළිම වහන්සේ මෛත්‍රීපාල සිරිසේන ජනපති අතින් අද (30)සවස නිරාවරණය විය.

මෙම පිළිම වහන්සේගේ වැඩ අවසන් කිරීමට වසර 13ක් ගත විය. පිළිම වහන්සේගේ උස අඩි 67 අඟල් 05කි. ලොව විශාලතම සමාධි පිළිමයක් ලෙස මෙය සැලකේ.

 

DSC_0511-copy

අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික නිකායේ එගඩමුල්ලේ අමරමෝහි මහා නාහිමියන්ගේ අනුශාසනා පරිදි පිළිම වහන්සේ නිර්මාණය කැරිණි.

ඉන්දියාවේ මුත්තයියා ස්ථපති මෙම පිළිමය නෙළීමේ ප්‍රධාන ශිල්පියා වූ අතර ඇෆ්ඝනිස්තානයේ බාමියන් බුදු පිළිම විනාශ කිරීමෙන් පසු ඒ හා සමාන පිළිමයක් නෙළීමේ අදහස අමරමෝලි හිමියන්ට පහළවී ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.