ලොහාන්ගෙන් මෛතී‍්‍රට දැඩි ප‍්‍රතිචාරයක්

lohan rathwaththeශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධූරයෙන් ඉවත් කොට සිටින ලොහාන් රත්වත්තේ මන්තී‍්‍රවරයා මෙම ඉවත් කිරීම පිළිබදව දැඩි ප‍්‍රතිචාරයක් පල කොට ඇත.

මාව ආසන සංවිධායක ධූරයෙන් ඉවත් කරලා කියලා තාම කවුරුවත් දන්වලා නෑ. මාව පාත දුම්බරට පත්කළේ මහින්ද රාජපක්ෂ මහත්මයා. කොහෙන්වත් කොළ කෑල්ලක් අහුලගෙන මාව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ධූරයෙන් ඉවත් කළා කියලා ලියුමක් එව්වොත් ඒ ලියුම එවපු එකාට කියන්න ඕන එක මම දන්වායැයි ලොහාන් රත්වත්තේ මාධ්‍යයට පැවසුවේය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය රැුක ගැනීම සදහා තමත් තමාගේ පියාත් ජීවිත කැපවීමකින් දශක ගණනාවක් තිස්සේ සේවය කල බවයි ලොහාන් රත්වත්තේ පවසන්නේ. මහනුවර දිස්ති‍්‍රක්කය සදහා නිශ්ශංක හේරත්, අසංක දොඩම්වල, අසේල ඒකනායක හා ලින්ටන් විජේසිංහ යන සංවිධායකවරු මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පත්කොට ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.