ලෝකාන්තයට ගියත් රනිල්ට ප්‍රශ්න

ranilඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා  හදිසියේම හෝර්ටන් තැන්න සහ ලෝකාන්තය නැරඹීමට ගොස් සිටියේ මඳ ඉස්පාසුවක් ලබන්නයි. වෙනදා කරදර කරන ජංගම දුරකථනයෙන් වැඩි කරදරයක් නොවුයේ ලෝකාන්තයට සිග්නල් දුර්වල වූ හෙයිනි.

එහෙත් සංචාරකයින්ට මුහුණ දීමට සිදුව තිබෙන දුෂ්කරතා රැසක් පිළිබඳව අවධානය යොමු කිරීමට සිදුවිය. හෝර්ටන්තැන්න ආශ්‍රිතව සංචාරකයනට මුහුණදීමට සිදුව ඇති ගැටලු ගැන අවධානය යොමු කළ අගමැතිවරයා කඩිනම් විසැඳුම් ලබාදීමට පියවර ගන්නා බව පැවැසීය

කෙසේ වෙතත්ව ප්‍රශ්න සෙල්ෆි වරුසාවට බාධාව නොවීය. රනිල් ගේ හදිසි පැමිණීම නිසා ආරක්ෂක වැට කඩොලු කිසිවක් ඇති නොවූ අතර ඔහුගේ පැමිණීම කාටවත් කරදරයක් නොවීය. අග්‍රාමාත්‍යවරයා පැයකට ආසන්න කාලයක් පුංචි ලෝකාන්‍තයේ රැඳී සිටි අතර එම කාලසීමාව තුළ දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉල්ලීම පරිදි සමූහ ඡායාරූපවලට පෙනී සිටිමින් සුහද කථා බහක නිරතව සිටියේය. ranil

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.