ලෝක කුසලානය ගැන සිහින දකින තරු

ලෝක කුසලාන තරඟය 2015-නවසීලන්තය

 

 

dosuraj

 

සුරාජ් මාපා

මම පුංචි කාලෙ ඉඳන්ම පාසල් ක්‍රිකට් තරගවලට එකතුවෙලා තියෙනවා. මහනුවර ක්‍රිකට් විදුහ‍ලේ 19 පහළ කණ්ඩායමේ මම ක්‍රීඩා කරද්දී එම කණ්ඩායමේ නායකයා වුණේ කුමාර් සංගක්කාර. මගේ පාස‍ලේ හිටපු කුමාර් සංගක්කාර අයියා වගේම තිලකරත්න ඩිල්ෂානුත් අවුරුදු 10කට වැඩි කාලෙක ඉඳන් මම සමීපව  ඇසුරු කරන මිතුරන්. සචිත්‍ර,  චම්පික, මාවන්, අවිශ්ක වැනි බොහෝ ක්‍රීඩකයෝ මගේ මිතුරෝ අදත් මම හොඳ ක්‍රිකට් ලෝලියෙක්.

 

bimalj

 

 

 බිමල් ජයකොඩි
මෙවර අපට ඉතාමත් සමබර කණ්ඩායමක් සිටින හින්දා ලොකු බලා‍පොරොත්තුවක් තියන්නට පුළුවනි. ‍‍‍ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයින් දෙදෙනකු වන මහේල හා සංගා යටතේ ක්‍රීඩා කරන නිසා ඒ අයගේ කෞෂල්‍යය අප හොඳින් හඳුනන නිසා ක්‍රීඩාලෝලීන් වන අප තුළ විශ්වාසයක් ගොඩනැගී තියෙනවා. අප මින් පෙර එක් වතාවක් ලෝක කුසලානය හිමිකර ගත්තා. මෙවරත් එය අපට හිමිවේවි කියා බලා‍පොරොත්තුවක් හිතේ තිබෙන අතර එසේ වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා.

 

ධනංජය සිරිවර්ධන

 

ධනංජය සිරිවර්ධන
ලංකාව තුළ දීප්තිමත්ම තරු බිහිවුණේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ කියලා මම විශ්වාස කරනවා. ඊට හේතුව අප ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් රටක් වීම. ඉන් පසුව අවස්ථා දෙකකදී අපි ආසන්නයට ආවා. ඒ හින්දා මෙවර ලෝක කුසලානය අපිට හිමිවේවි කියා විශ්වාසයක් ක්‍රිකට් ලෝලීන් තුළ ඇතිවී තිබෙනවා. ඒ ක්‍රිකට් ලෝලීන් අතර මමත් කෙනෙක්. මේ දිනවල 2015 ක්‍රිකට් ලෝක කුසලානයේ උණුසුම පැතිර යමින් පවතිනවා. ඒ උණුසුමත් එක්ක අපිට මෙවර ලෝක කුසලානය හිමි වේවා කියා. මම මගෙ මුළු හදවතින් උණුසුම් හැඟුමින් ප්‍රාර්ථනා කරනවා.

 

imagnalanmendis

 

නාලන් මෙන්ඩිස්
1996න් පටන් ගත්තම අපේ ක්‍රිකට් කණ්ඩායම වරින් වර විවිධ ජයග්‍රහණ කළා. ලෝක කුසලානය දිනා ගත්තා. අනු ශූරතාවය දිනුවා. ඒ  විදියට විවිධාකාර ජයග්‍රහණ ලැබුවා. අපේ කණ්ඩායම මෙවර 2015 ලෝක කුසලානය වෙනුවෙන් තරග වදිනවා. බලා‍පොරොත්තු තැබිය හැකි ක්‍රීඩකයන් ඒ අතර සිටිනවා. 1996 අප ලෝක කුසලානය හිමි කර ගත්තා. මෙවර 2015 දිත් අපට ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගන්නට හැකි වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.

 

 

නලින් පෙරේරා
අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් වැඩිම ප්‍රමාණයකගේ විවාහ මංගල උත්සවයන් සඳහා සංගීතය සැපයුවේ අපි. ක්‍රිකට් ක්‍රීඩකයින් අපේ වීරයන් වුණත් ඒ අය සමග ඉතාමත් මිත්‍රශීලී බැඳීමක් අපට තියෙනවා. ඒ වගේම මම දැඩි ක්‍රිකට් ලෝලියෙක්. ඒ හින්දයි මෙවර ලෝක කුසලානය නිමිති කරගෙන අපි ගීතයකුත් නිර්මාණය කළේ. 1996 දී අපි ලෝක කුසලානය හිමිකර ගත්තා. ඒ හින්දා අපට බලා‍පොරොත්තු තියන්න පුළුවනි. නමුත් අද තරග වදින්නේ 96 හිටපු කණ්ඩායම නමෛයි කියන එකත් අප අමතක කළ යුතු නැහැ. අපේ ක්‍රිකට් කණ්ඩායමට ජය හිමිවේවා. ඒ සඳහා ඔවුන්ට ශක්තිය ලැබේවා කියන ආශිර්වාදය අප කළ යුතුයි.

 

චන්න පෙරේරා

 

චන්න පෙරේරා
මෙවර ඕස්ට්‍රේලියාව ශක්තිමත්.  නවසීලන්තයත් අපට හොඳ තරගයක් දුන්නා. එහිදී පන්දු යැවීමේදී හා මැද පෙළේ පිතිකරු සම්බන්ධව අප ලැබූ අත්දැකීම් අනුව අපගේ වැරදි හදාගත යුතු වනවා. නමුත් ඉතා දක්ෂ සුපිරි ක්‍රීඩකයින් මෙවර කණ්ඩායම හා සිටීම නිසා අපට බලා‍පොරොත්තු තැබිය හැකියි. මෙවර අපට ජය හිමිකර ගැනීමට හැකිවේවි කියලා ක්‍රිකට් ලෝලීන් තුළ බලා‍පොරොත්තුවක් තිබෙන බව මට දැනෙනවා. ක්‍රිකට් ලෝලියකු ලෙස මම මේ මොහොතේ අප කණ්ඩායමට සුබපතනවා.

 

 

roshanr

 

 

රොෂාන් රවින්ද්‍ර
කණ්ඩායමක් වශයෙන් ගත්තම ඒ තුළ ගැටලු අඩුලුහුඩුකම් තිබෙනවා. නමුත් තරගයට බැස්සම පුදුම විදියට මොකක්දෝ වෙනසක් කරන ගතියකුත් අපේ කණ්ඩායමේ තියෙනවා. ඔය තත්ත්වය හැමදාම අප දුටුවා. අපේ ක්‍රිකට් කණ්ඩායම තුළ ඇති ඒ ලොකු වෙනස් කිරීමේ හැකියාව හින්දම ඒ අය ගැන බලා‍පොරොත්තුවක් හැමදාම ක්‍රිකට් ලෝලීන් තුළ ඇතිවනවා. අන්න ඒ ගැස්ම තුළින් තමයි මෙවරත් ක්‍රිකට් ලෝලීන් ලෝක කුසලානය දෙස බලාගෙන ඉන්නේ. මෙවර ලෝක කුසලානය අපට හිමිකරගත හැකි වේවි කියන පුංචි බලා‍පොරොත්තුවක් ක්‍රිකට් ලෝලියකු විදියට මා තුළත් තියෙනවා.

 

 

downlnayna

 

 

නයනා කුමාරි
පාසල් අවධියේ මට පුදුමාකාර ක්‍රිකට් උන්මාදයක් තිබුණා. අර්ජුන,අරවින්ද, රොෂාන් වැනි අය තමයි එදා අපේ ලෝකයේ වීරයෝ වුණේ. ඒ කා‍ලේ කෑම එක ළඟ තියාගෙන රූපවාහිනිය ළඟ වාඩි වෙලා හැම ක්‍රිකට් මැච් එකක්ම බැලුවා. ඒත් අද අපේ ජීවිත වෙනස් වෙලා අපි කාර්ය බහුලවෙලා. එදා වගේ හැම තරගයක් වෙනුවෙන්ම රූපවාහිනිය ළඟ රැඳී හිඳින්න අපට කාලයක් අද නැහැ. ඒ වුණත් ලෝක කුසලානය ළංවෙද්දී හිත තුළ තියෙන ක්‍රිකට් උන්මාදය මතුවනවා. කලින් වතාවක් අපි ලෝක කුසලානය දිනූ බව සිහිවන විට උනන්දුව වැඩි වෙනවා. අපේ ක්‍රිකට් කණ්ඩායම ගැන මට වගේම බොහෝ ක්‍රිකට් ලෝලීන්ට විශ්වාසයක් තියෙනවා. ඒ හින්දම මෙවරත් දෙවැනි වරටත් ක්‍රිකට් ලෝක කුසලානය ලංකාවට ගෙන ඒමට අපේ කණ්ඩායමට හැකි වේවි කියා මා හිතනවා.

 

niroshaniroshaw

නිරෝෂා විරාජිනි
මමත් ක්‍රිකට් ක්‍රීඩාවට කැමතියි. 1996 ලෝක කුසලානය හිමිකර ගැනීමත් සමග මගේ ඒ උනන්දුව වැඩි වුණා. මමත් තදබල ක්‍රිකට් ලෝලී රසිකාවියක් වුණා. නමුත් ඉන් පසුව ඒ උනන්දුව ටිකක් හීන වී ගියා. ඊට එක් හේතුවක් වුණේ මගෙ කාර්යබහුලකම. අනෙක් හේතුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ යම් යම් හේතු. ඇතැම් තරගවල ජයග්‍රහණය පෙනි පෙනී අපෙන් එය ගිලිහී ගිය අවස්ථාත් තිබුණා. නමුත් පසුගිය කාලය තුළ සංගා,මහේල, ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනකු නිසා ආයෙමත් අපේ හිත්වල ඒ ගැන යම් උනන්දුවක් ඇති වුණා. මෙවර ලෝක කුසලානයට මුහුණ දෙන්නේ ඒ හැඟීමෙන්. නමුත් 96 ට වඩා අද වෙනස්. අපේ අයට ලොකු තරගයක් දෙන්න සිදුවනවා. හැබැයි අපිට ජය ලබන්න හැකි වේවි කියලා මා තුළ විශ්වාසයක් තියෙනවා.

 

downloadසුසිලා කෝට්ටගේ

සුසිලා කෝට්ටගේ

ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ නාමය ලෝකය ඉදිරියට ගෙන ගියා. අපේ ක්‍රිකට් වීරයෝ තමයි ලෝකයේම අවධානය මේ පුංචි රටට අරගෙන ආවේ. ඒ හින්දම මුළු රටේම ගෞරවය ඔවුන්ට හිමි විය යුතුයි. තරග පිටියේදී අපේ ක්‍රීඩකයින්ගේ දස්කම් අප දැක තිබෙනවා. ඒ අයගේ චිත්ත ධෛර්යය අප දන්නවා. ඒ හින්දම  අපට ජයග්‍රහණය ලබන්න හැකි වුණ අවස්ථා තියෙනවා. මෙවර ලෝක කුසලානය සඳහා තරග වදින අපේ ක්‍රීඩකයින් ගැන ලොකු විශ්වාසයක් මා තුළ තියෙනවා. ඒ අය අපේ රටට කිරුළ රැගෙන ඒවි කියා මා හිතනවා

 

sri-lanka-icc-world-cup-201

කී දෙනෙක් නම් කළ  හැකිද?

Sri lankan stars dream of world cup 2015

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.