ලෝක කුසලානය ශ්‍රී ලංකා – නවසීලන්තය තරගයෙන් ආරම්භවේ

 

download

 

 

11 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට නවසීලන්තයේ ක්‍රයිස්චර්ච හිදී සහ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී ආරම්භ වේ.

ශ්‍රී ලංකා – නවසීලන්තය අතර තරගයෙන් තරගාවලිය ආරම්භ වීමට නියමිතයි.

එදිනම මෙල්බන්හිදී සත්කාරක ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරගයද පැවැත්වේ.

නවසීලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන්, ක්‍රීඩාංගණ 14 දී දින 43 ක් පුරා පැවැත්වෙන තරග සංඛ්‍යාව 49කි.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට කාණ්ඩ 2 ක් යටතේ කණ්ඩායම් 14 ක් එක්ව සිටිති .

ඊට ටෙස්ට් වරම් දිනා නොමැති අයර්ලන්තය, එක්සත් අරාබි එමීර්, ස්කොට්ලන්තය සහ ඇෆ්ගනිස්ථානය ද ඇතුළත් ය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සඳහා සහභාගී වන එක්දින ශ්‍රේණිගත කිරීම් හී සිව් වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායම අද සිය අවසන් පුහුණු සැසියට එක් විය.

 

[vsw id=”/SsAIS8_–TY” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.