ලෝක කුසලානෙන් පසු ඩිල්ශාන් විශ්‍රාම යනවාද?

Dilshan-APශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ශාන් ඊයේ (17) තරගයෙන් පසුව මාධ්‍ය සාක්ස්ච්චාවකට එක වුනා.

ඇෆ්ගනිස්ථානයට එරෙහිව ලෝක කුසලාන විස්සයි 20 තරගාවලිය ප්‍රථම තරගය කදුළු 6කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ පන්දු 56කදී නොදැවී ලකුණු 83 ක් ලබාගත් තිලකරත්න ඩිල්ශාන්.

මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසු පැනයකට පිළිතුරු දෙමින් ඩිල්ශාන් පැවසුවේ තමන් තවමත් ක්‍රීඩා කිරීමෙන් සතුටු වන බවයි.  තවමත් ක්‍රීඩාවෙන් විශ්‍රාම යාමට සැලසුම් කර නොමැති බවත් හෙට දිනයේ උදෑසන ක්‍රීඩා පිටියෙන් සමු ගැනීමට සිත් වුවහොත් ඊට පසු දිනම විශ්‍රාම යන බවත් ඔහු වැඩි දුරත් පවසා සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.