ලෝක පරිසර දිනය ජුනි 5 වෙනිදා

natureහෙටට එනම් ජුනි 05 වෙනිදාට යෙදී තිබෙන ලෝක පරිසර දිනය නිමිත්තෙන් රට පුරා විවිධ වැඩසටහන් සංවිධානය කර ඇත.

”ප්ලාස්ටික් අවභාවිතාව මගින් සිදුවන පරිසර දූෂණය පිටු දකිමු” යන්න මේ වසරේ පරිසර දින තේමාව වන අතර පසුගිය මැයි 30 වනදා සිට ජූනි 05 වනදා දක්වා සතියක කාලය ජාතික පරිසර සතිය ලෙස ප‍්‍රකාශයට පත් කොට තිබේ .

ජගත් පරිසර දින සැමරුම ආරම්භ කෙරුණේ 1972 දී ස්වීඩනයේ එක්සත් ජාතින්ගේ සම්මේලනයට ඉදිරිපත්වූ යෝජනාවක් සම්මත වීමත් සමගය.

ශ්‍රී ලංකාවේ වෙරළ කළාපයේ අපද්‍රව්‍ය ඉවත්කර නිසි කළමණාකරණයකට නතුකරමින් පිරිසිදු පරිසරයක් ගොඩ නැගීමට කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ වෙරළාශ්‍රිත කලාපයේ අපද්‍රව්‍ය කළමනාකරණයට සම්බන්ධ සියලු ආයතන නියෝජනය වන පරිදි වෙරළ කලාපයේ අපද්‍රව්‍ය කළමනාකරණ කමිටුවක් පිහිටුවීමටත්, වෙරළට අපද්‍රව්‍ය එක්කරන්නන් නීතිය ඉදිරියට පමුණුවා දඬුවම් ලබා දීමට පියවර ගැනීම ද පසුගියදා රැස්වූ කැබිනට් මණ්ලය මගින් තීරණය කළහ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.