වත්කම් බැරකම් වසං කරන අයට ලක්ෂයක් දඩ

Judgeවත්කම් බැරකම් ප‍්‍රකාශ ලබාදීම පැහැර හැරීම, එම ප‍්‍රකාශයේ අසත්‍ය තොරතුරු සඳහන් කිරීම සහ අවශ්‍ය අවස්ථාවන් හිදී අතිරේක තොරතුරු ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් අයකරනු ලබන දඩ මුදල රුපියල් ලක්‍ෂය දක්වා වැඩිකිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.වත්කම් බැරකම් ප‍්‍රකාශ ලබාදීම පැහැර හැරීම, එම ප‍්‍රකාශයේ අසත්‍ය තොරතුරු සඳහන් කිරීම සහ අවශ්‍ය අවස්ථාවන් හිදී අතිරේක තොරතුරු ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් අයකරනු ලබන දඩ මුදල රුපියල් ලක්‍ෂය දක්වා වැඩිකිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

මෙවැන්නක් සම්බන්ධයෙන් නීතියෙන් වැරදිකරු වන පුද්ගලයින්ට එරෙහිව වර්තමානයේදී පනවන දඩුවම වන්නේ රුපියල් දහසකට නොවැඩි දඩයක් හෝ වසරකට නොවැඩි කාලයකට බන්ධනාගාරගත කිරීම බව සම කැබිනට් ප‍්‍රකාශක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම දඩය රුපියල් ලක්‍ෂයක් දක්වා වැඩිකිරීම සහා අවශ්‍ය සංශෝධන ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදනයට උපදෙස් දීමට අධිකරණ ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව ද සම කැබිනට් ප‍්‍රකාශකවරයා සඳහන් කළේය. අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කල වසර දෙකක කාලය තුළ වත්කම් බැරකම් ප්‍රකාශයට පත් නොකළ වරදට හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන හට අධිකරණය විසින් රු.2000ක දඩ මුදලක් නියම විය.

මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය  දී වත්කම් බැරකම් හෙළි නොකිරීමේ නඩුවක් සම්බන්ධයෙන්  වරද පිළිගත්තේය.

වරද පිළිගත් දුමින්ද සිල්වාට රුපියල් තුන්දහසක දඩයක් නියම වූ අතර ඔහු මෙම දඩ මුදල නොගෙවන්නේ නම් එක් එක් නඩුවට මසක සිරදඬුවමක් නියම කිරීමටත් නියෝග විය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.