වතු කම්කරුවන් වැඩ වර්ජනයෙන් ඡන්ද වර්ජනයකට.

estate labours

වතු කම්කරුවන්ගේ වැටුප් රුපියල් 1000 ක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලා ඉකුත් 06 වැනි දා සිට වතු කම්කරුවන් ආරම්භ කර තිබූ සෙමෙන් වැඩ කිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය අද (16) සිට අත්හැරීමට වතු කම්කරුවන් තීරණය කර තිබේ.

මේ අනුව අද (16) පෙරවරුවේ සිට වතු කම්කරුවන් සුපුරුදු පරිදි තේ දළු නෙළීම ආරම්භ කර ඇත. දින 09 ක් පුරා පැවති මෙම සෙමෙන් වැඩ කිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය හේතුවෙන් තේ කර්මාන්ත ශාලා වසා දමා වතු කාර්ය මණ්ඩලය ඉවත් කර ගැනීමට තේ වතු පාලන අධිකාරිය මගින් කටයුතු කර තිබිණ.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් කම්කරු අමාත්‍ය එස්.බී.නාවින්න, ලංකා කම්කරු කොංග‍්‍රසයේ මහලේකම් ආරුමුගන් තොන්ඩමාන්, සභාපතිමුත්තු සිවලිංගම් ඇතුළු වතු ඒකාබද්ධ වෘත්තීය සමිති හා වතු හාම්පුතුන්ගේ සංගමය අතර ඊයේ (15) කම්කරු දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේ පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොර ව අවසන්වීමත් සමග වතුකම්කරුවන් අද (16) සෙමෙන් වැඩ කිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය අත්හැරීමටකට යුතු කර ඇත.

මෙම වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවන් මදක් ප‍්‍රමාද කරන ලෙස රජය මගින් ගෙනා යෝජනාව පිළිගැනීමටත්, වතුකම්කරුවන් සෙමෙන් වැඩ කළ දින ගණනට වැටුප් ගෙවන ලෙසට කරන ලද ඉල්ලීමත් වතු සමාගම් ප‍්‍රතික්ෂේප කරනු ලැබී ය.

වතු කම්කරුවන් සෙමෙන් වැඩ කිරීම හේතුවෙන් තේ වතු සමාගම්වලට මිලියන 158 ක පාඩුවක් සිදු වී ඇති බව මෙහි දී වතු හාම්පුතුන්ගේ සංගමය වෘත්තීය සමිති හමුවේ පවසා ඇත.

මේ අතර සෙමෙන් වැඩ කිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය නිසා තේ දල්ල පමණට වඩා වැවී ඇති බැවින් ඒවා ඉක්මනින් නෙලා ගැනීම සඳහා වතු කම්කරුවන් දිනක වැටුප සඳහා නෙලිය යුතු තේ දළු කිලෝ 18 – 20 අතර ප‍්‍රමාණය මෙන් දෙගුණයක් තේ දළු නෙලුවහොත් වතු කම්කරුවන්ට දිනකට වැටුප් 02 ක් ගෙවීමට තේ වතු සමාගම් තීරණය කර ඇත.

මෙම යෝජනාවට වතුකම්කරුවන් සිය එකඟතාවය පළකර තිබේ. මේ අතර අද සිට සාමාන්‍ය පරිදි වැඩ කරන ලෙස ලංකා කම්කරු කොංග‍්‍රසයේ ප‍්‍රදේශීය නායකයින් පැමිණ සාමන්‍ය පරිදි වතු කම්කරුවන් හට දළු නෙළන ලෙස කරන ලද ඉල්ලීමත් සමගම දෙපාර්ශවය අතර දැඩි නොසන්සුන්කාරී තත්වයක් ද ඇති විය.

වෘත්තීය සමිති නායකයින් විසින් තමන් ව සැමදා රැවටූ බවත් තව දුරටත් වෘත්තීය සමිතිවලට ලබාදෙන සාමාජික මුදල් අත්හිටුවා මෙවර මහමැතිවරණයේ දී ඔවුන්ට ඡන්දය ද ලබා නොදෙන බවත් මෙහි දී වතු කම්කරුවෝ අවධාරණය කළහ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.