වනරෝප සූත්‍රය ඇසේද දනන් හට

ගස්කොළන් සහ බුදුහාමුදුරුවෝ

බෝධිසත්වයන් වහන්සේ බුදුවන්නට පෙරුම් පුරන සමයේ සිට ගස්වැල් සංරක්‍ෂණය සඳහා පියවර ගෙන ඇති බව ජාතක කතාවලින් පැහැදිලි වේ. විවිධ කුලවල ඉපදුණු බෝධිසත්වයන් සියලු සතුනට උපකාරීව පවතින, පරිසරය අලංකාර කරමින් පරිසරයේ සමතුලිත බව රකින ගස්වැල් විනාශ කිරීමට ඉඩ නොදී රැක ගත් බව සඳහන් වේ.

බෝසතාණන් වහන්සේ වෘක්‍ෂලතා ඇසුරු කොටගත් පරිසරයක ඉපදී, රුක්මුලක සෙවණෙහි බුදුවී, වෘක්‍ෂලතාවන්ගෙන් ගහන වූ මිගදාය නම් වන ලැහැබෙහි දී පළමුවැනි දම් දෙසුම සිදුකොට, අවසානයේ රුක් සෙවණෙහිම පිරිනිවන් පා වදාළහ. එතුමන් වහන්සේගේ උපතේ සිට ජීවිතයේ අවසානය දක්වාම වෘක්‍ෂලතා ඇසුරුකමින් ඒවායේ සිසිලේ පහස විඳිමින් උසස් වූ කායික සුවයක්ද ලැබූ බව පැහැදිලි කරුණකි. ගහකොළ මෙතරම් ජීවිතයට සමීප කරගත් වෙනත් ශාස්තෘවරයකු දක්නට නොලැබේ.

 

 

වනරෝප සූත්‍රය

මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල මනා ඡවිවර්ණ ඇති එක්තරා දෙවියෙක් රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුලුවා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කී ය:

කිනම් කෙනෙකුන්ට හැමකල්හි දහවලුත් රෑත් පින් වැඩේ ද? දහම්හි පිහිටි ශීලසම්පන්න වූ කිනම් ජනයෝ ස්වර්ගයට යෙත් ද?

 [භාග්‍යවතුන් වහන්සේ]

යම් ජන කෙනෙක් මල්පල උයන් වවන්නෝ වෙත් ද, පියවි වන වගා කොට දෙන්නෝ වෙත් ද, ඒ දඬු පාලම් කරවන්නෝ වෙත් ද, යම් කෙනෙක් පැන්හලුත් පැන් පොකුණුත් ආවාසත් දෙද් ද,

ඔවුනට හැමකල්හී දහවලුත් රෑත් පින් වැඩේ. දහම්හි පිහිටි ශීලසම්පන්න වූ ඒ ජනයෝ ස්වර්ගයට යෙත්.

යමෙක් පරිසර සංරක්‍ෂණයට අනුබල දෙමින් මල්පැළ උයන්වතු වවන්නෝ වෙත්ද, පියවි වන වගාකොට දෙන්නෝ වෙත්ද ඒ දඬු,පාලම් කරන්නෝ වෙත්ද, පැන්හලුත් පැන් පොකුණුත් ආවාසත් සාදා දෙත්ද, ඔවුන්ට හැමකල්හි දහවල් ද රාත්‍රියෙහි ද පින්වැඩෙන්නේය. දහම්හි පිහිටි සීල සම්පන්න ජනයෝ ස්වර්ගයට යත්.” මෙම දේශනාව තුළින් තම ශ්‍රාවකයන් වෘක්‍ෂලතා වැවීම, වන රෝපණය ආදිය සඳහා පෙළැඹවීමට උත්සාහ ගෙන ඇති බව පෙනේ.

එහෙත් අද සමාජය තමාගේ බලය, නිලය ආදිය භාවිත කොට බොහෝ සෙයින් කරනුයේ ගස් වැල් වැවීම වෙනුවට ඒවා කපා කොටා විනාශකොට තම තමාගේ අතමිට සරු කර ගැනීමට මුදල් ඉපැයීමයි. ජනගහනය වැඩිවනවිට ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් සඳහා දැව හා ඉඩකඩ අවශ්‍ය බව ඇත්තක් වුවද විශාල වශයෙන් ගස්වැල්, වනාන්තර හෙළි පෙහෙළි කරමින් සිදුකරන පරිසර විනාශය අනාගත පරපුරට කරන බලවත් හානියකි. එය මිනිසාට පමණක් නොව සමස්ත සත්ව ප්‍රජාවටම කරන බරපතළ හානියකි. ඒ නිසා වැඩිවන ජනගහනය වෙනුවෙන් පහසුකම් සැලසීමේදී මනා කළමනාකරණයෙන් යුතුව, සංවිධිත ලෙස, පරිසර හානියක් නොවන පරිදි සිදුකිරීම අවැසි වේ.

උපසපන් භික්‍ෂුවකට හටගත් වෘක්‍ෂලතා ආදිය සිඳීමට , විනාශ කිරීමට විනය ශික්ෂාවලින් ඉඩක් නොලැබේ. එසේ සිඳීම හෝ සිඳවීම කරන්නේද, ඔහුට පචිති ඇවැත් වේ. (ධම්ම පරායන තිස්ස හිමි, බුජ්ජම්පොල ප්‍රාතිමොක්ෂ විවරණය)

භික්‍ෂූන් වහන්සේට වස් විසීම සඳහා පනවන ලද විනය නීතියෙහි පසුබිම වන්නේ කුඩා වූ හෝ තෘණ ආදී උද්භිද ශාඛ සංරක්‍ෂණය කිරීම බව පෙනේ. බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක පිරිසගේ ආචාරශීලිත්වය ඇතිකිරීම සඳහා විනය නීති පැනවූවාසේම ධර්මානුකූල අවවාදදීමද සිදු කළහ. වළදා ඉතිරි වූ ඉඳුල් හා ආහාර ආදිය නිල් තණ මත නොදමන ලෙස විනය ශික්ෂා පනවා ඇතිවාසේම ධර්මානුකූ®ල අවවාදයක්ද කර ඇත. (සිංහල ජනකවි සංග්‍රහය) සෙඛියා ධර්මවලදී ද නිල් තණ මත මලපහ නොකරන ලෙස ශික්‍ෂාවක් පනවන ලදී.

බෝධිසත්වයන් වහන්සේ බුදුවන්නට පෙරුම් පුරන සමයේ සිට ගස්වැල් සංරක්‍ෂණය සඳහා පියවරගෙන ඇති බව ජාතක කතාවලින් පැහැදිලි වේ. විවිධ කුලවල ඉපදුණු බෝධිසත්වයන් සත්වයාට උපකාරීව පවතින, පරිසරය අලංකාර කරමින් පරිසරයේ සමතුලිත බව රකින ගස්වැල් විනාශයට පත් කිරීමට ඉඩ නොදී රැක ගත් බව ඒවායෙහි සඳහන් වේ.

ව්‍යාඝ්‍ර ජාතකයෙන් අපට දෙන උපදේශය ඉතා වැදගත් වේ. ස්වභාවික වන සම්පත් ආරක්‍ෂා වන්නේ වනයේ ජීවත්විය යුතු සිංහ, ව්‍යාඝ්‍ර ආදී දරුණු සතුන් ජීවත් වන විට පමණි. එම ජීවින් විනාශ වුවහොත් මුළු මහත් වනයත් පරිසරයත් විනාශ වන්නේය. එවැනි සතුන් වනයේ ගැවසෙන විට වනයට යෑමට මිනිසුන් බිය වේ. එමගින් එම පරිසරය ආරක්‍ෂා වේ. එම සතුන්ද ආරක්‍ෂා කිරීම පරිසර හිතකාමීන්ගේ පරම යුතුකමක් වන්නේය.

බුදුරජාණන් වහන්සේ හා උන්වහන්සේ ගේ ධර්මය ස්වභාවික පරිසරයෙන් වෙන්කළ නොහැකිය. උන්වහන්සේගේ ජීවිතයේ වැඩිම කාලයක් ගතවූයේ ගස්වැල් වන ලැහැබ ඇසුරු කොටගෙන බව සූත්‍ර දේශනාවල නිදානයන්ගෙන් හෙළිවේ. උන්වහන්සේ ක්‍රියාවෙන්ම ගස්වැල් සඳහා සංග්‍රහ කළ යුතු බව දක්වා ඇත. එසේම වෘක්‍ෂලතාවන්ගෙන් මිනිසුන් ඇතුළු සත්ව ප්‍රජාවට සිදුවන මිල කළ නොහැකි සේවය අර්ථවත් කොට ඇත. පරිසරයේ සුන්දරත්වය වර්ණනා කරමින් වාතය සුරැකීමට මිනිසුන් පොළඹවාගෙන ඇත. විනය නීති පැනවීම තුළින් තුරුලතා රැක ගැනීමට පියවරගෙන ඇත. එපමණක්ද නොව අලුතෙන් ගස්වැල් රෝපණය කිරීම සඳහා අනුශාසනා කර ඇත. බුදුරජාණන් වහන්සේගේ මඟපෙන්වීම අනුව සරල සැහැල්ලු ජීවිතයකට හුරුපුරුදුව ගහකොළ සතා සිව්පාවා ආරක්‍ෂා කරමින් දැහැමි, අර්ථ සම්පන්න ජීවිතයක් ගත කිරීමට විවිධ තරාතිරම්වල සියලු ජනයා උත්සාහ කරන්නේ නම් වටී. එමඟින් අනාගත පරපුරට යහපත් පරිසරයක් ගොඩනැඟෙනු ඇත.
ආචාර්ය ජී.හල්ගස්වත්ත

 

 

අදින් වසර මිලියන 15කට පමණ පෙර එනම් ගොඩ්වානාලන්තය (Gondwanaland) නම් සුපිරි මහාද්වීප යුගය දක්‌වා වූ ඈත ඉතිහාසයකට හිමිකම් කියන සිංහරාජය ශ්‍රී ලංකාවේ සබරගමුව, දකුණු පළාත යන පළාත් දෙකටත්, ගාල්ල, මාතර, රත්නපුර යන දිස්‌ත්‍රික්‌ක 3ටත් අයත් වෙයි. නිවර්තන වැසි වනාන්තරයක්‌ ලෙස හැඳින්වෙන සිsංහරාජය ප්‍රාථමික වනාන්තරයකි. මෙහි ඇති සුවිශේෂි ලක්‌ෂණය වන්නේ මෙහි වැවෙන ශාක විශේෂවල පරිණාමීය ව්‍යqහය හා සංයුතිය නොවෙනස්‌ ව පැවතීම ය. දැනට ශ්‍රී ලංකාවෙන් වර්තා වන සපුෂ්ප ශාක විශේෂ 3365න් විශේෂ 830ක්‌ ශ්‍රී ලංකාවට ආවේනික වෙයි. මේ ශාක විශේෂ 830න් විශේෂ 495ක්‌ ම වාර්තා වන්නේ සිංහරාජයෙනි. එසේ ම ශ්‍රී ලංකාවට ආවේනික ශාක ගණ 25 අතරින් ගණ 13ක්‌ ම සිංහරාජයයෙන් හමු වීමත් මෙයින් ගණ 03ක්‌ සිංහරාජයට ආවේනික වීමත් විශේෂත්වයකි. සිංහරාජයෙන් හමු වන ශාක විශේෂ 375ක්‌ පමණ දැවමය වටිනාකමකින් යුක්‌ත වෙයි.

සත්ත්ව ප්‍රජාව

සත්ත්ව විශේෂ පිළිබඳව විමසීමේ දී ක්‍ෂීරපායි විශේෂ 40ක්‌ පමණ සිංහරාජයෙන් වාර්තා වන අතර මෙයින් විශේෂ 07ක්‌ ශ්‍රී ලංකාවට ආවේනික වෙයි. සංචාරක පක්‍ෂීන් හෙවත් පර්යටන පක්‍ෂීන් ඇතුළුව පක්‍ෂි විශේෂ 157ක්‌ පමණ වාර්තා වන සිංහරාජයේ පක්‍ෂි විශේෂ 25ක්‌ පමණ ශ්‍රී ලංකාවට ආවේනික වෙයි. උරග විශේෂ 43ක්‌ පමණ වාර්තා වන අතර මෙයින් විශේෂ 21ක්‌ ආවේනික වෙයි. දේශීය මත්ස්‍ය විශේෂ 20ක්‌ පමණ වාර්තා වන අතර මෙයින් විශේෂ 07ක්‌ ශ්‍රී ලංකාවට ආවේනික වෙයි. සිංහරාජයෙන් වාර්තා වන සමනළ විශේෂ සංඛ්‍යාව 65ක්‌ වන අතර ඉන් විශේෂ 21ක්‌ ආවේනික වෙයි.

අතීතයේ සිට මිනිසා ගේ අකාරුණික බලපෑම්වලට ලක්‌ වන සිංහරාජයේ අනවසර දැව හෙළිම් අදත් සිදු වෙයි. අනවසර හේන් එළිකිරීම් නිසා වටිනා ශාක ප්‍රජාවක්‌ හා සත්ත්ව ප්‍රජාවක්‌ අහිමි වී මුඩුබිම් බවට පත් වූ සරුබිම් අදත් සිංහරාජය තුළ දක්‌නට ලැබේ. වත්මන් රජය විසින් සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ගනු ලබන උත්සාහයේ අනිසි ප්‍රතිඵල සිංහරාජය වෙතට ද බලපා තිබෙන බැව් ඒ පිළිබඳව විමසන්නකුට පැහැදිලි වෙයි.

සිංහරාජය හැරුණු කොට කන්නෙලිය, දෙදියගල, නාකියාදෙනිය, යන වන සංකීර්ණය, පුංචි සිංහරාජය ලෙස සැලකෙන රූණකන්ද වනාන්තරය, රිටිගල, වික්‌ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ වැනි ශ්‍රී ලංකාවේ අනෙකුත් සරුසාර වනාන්තර බහුතරයක්‌ අද වන විට මිනිසා ගේ අනිසි බලපෑම්වලට ලක්‌ වීමෙන් විනාශය කරා ඇදී යන බැව් කිව යුතු ය. මෙයින් අනාවරණය වන කරුණක්‌ වන්නේ ලෝක තත්ත්වයෙන් සැලකෙන කල ඇමසන් සහ කොන්ගෝ වැනි වැසි වනාන්තරත්, ශ්‍රී ලංකාවේ සිංහරාජය හා අනෙකුත් ප්‍රාථමික වනාන්තරත් මිනිස්‌ ක්‍රියාකාරකම් හේතුවෙන් ක්‍ෂය වීමකට ලක්‌ වී ඇති බව ය. මෙය සමස්‌ත ශාක විවිධත්වයට පමණක්‌ නො ව සත්ත්ව විවිධත්වයටත් බරපතළ හානි ඇති කරන්නක්‌ වෙයි.

මේ සැම වනාන්තරයක්‌ ම මිනිසා ගේ දෛනික ජීවිතයට අත්‍යවශ්‍ය ප්‍රාථමික ඉන්ධනයක්‌ ලෙස සැලකෙන දැව ලබා දීමක්‌ සිදු කරයි. ලොව පුරා බිලියන 2.6ක ජනතාවක්‌ දෛනික ආහාර පිසීම් හා අනෙකුත් කටයුතු සඳහා වනාන්තරයෙන් ලබා ගන්නා දැව භාවිත කරති. විධිමත් සමීක්‍ෂණයක්‌ නො කළ ද ශ්‍රී ලංකාවේ වනාන්තරවල දැව ඉන්ධනයක්‌ ලෙස භාවිත කරන බහුතර ජනතාවක්‌ සිටින බැව් ද කිව යුතු වෙයි.

ශ්‍රී ලංකාවේ වන ගහනය

ශ්‍රී ලංකාවේ වනාන්තර ප්‍රමාණය හෙක්‌ටයාර 1736628කි. මෙයින් හෙක්‌ටයාර් 142954ක්‌ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට හා හෙක්‌ටයාර් 314674ක්‌ වන ජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් වෙයි. පොදුවේ ගත් කල ශ්‍රී ලංකාවේ වනාන්තර වර්ග ප්‍රමාණය පිළිබඳව සැලකීමේ දී හෙක්‌ටයාර් 3100ක්‌ කඳුකර වනාන්තරවලට ද, හෙක්‌ටයාර් 65792ක්‌ උප කඳුකර වනාන්තරවලට ද, හෙක්‌ටයාර් 124340ක්‌ පහතරට වැසි වනාන්තරවලට ද, හෙක්‌ටයාර් 221977ක්‌ තෙත් මෝසම් වනාන්තරවලට ද, හෙක්‌ටයාර් 102744ක්‌ වියළි මෝසම් වනාන්තරවලට ද, හෙක්‌ටයාර් 18352ක්‌ ගංගාධාර වනාන්තරවලට ද, හෙක්‌ටයාර් 9530ක්‌ කඩොලාන වනාන්තරවලට ද අයත් වෙයි. (මේ අගයන් පර්යේෂණ වාර්තාවලට අනුව සුළු වශයෙන් වෙනස්‌ විය හැකි ය).

යටත්විජිත සමයේ ශ්‍රී ලංකාවේ වන ඝනත්වය සියයට 70කට අධික ප්‍රමාණයක්‌ පැවතිය ද අද වන විට විවිධ හේතූන් නිසා සියයට 20කටත් අඩු ප්‍රමාණයක්‌ දක්‌වා වන ඝනත්වය ක්‍ෂය වී ඇත. මෙසේ වනාන්තර ක්‍ෂය වීමට බලපෑ හා දැනුදු බලපාන හේතු කිහිපයක්‌ වෙයි. මේ හේතු අතර යටත් විජිත පාලන සමයේ දී තේ හා කෝපි වගාවන් ස්‌ථාපිත කිරීම සඳහා කළ වන විනාශය, නාගරීකරණය, විවිධ සංවර්ධන කටයුතු, අවිධිමත් ඉඩම් පරිහරණය, ආර්ථික වන වගා, කැළෑ ගිනි තැබීම් සහ සංරක්‍ෂණ ක්‍රියාවලියේ තිබෙන අඩුලුහුඬුතා වැනි හේතු ප්‍රධාන වෙයි. ගෙවී ගිය වසර 100 තුළ වන විනාශය නිසා මෙරටින් වඳ වී ගිය ශාක සහ සත්ත්ව විශේෂ පිළිබඳව තොරතුරු ලේඛනගත වී නැත. වන විනාශය ශාකවල වඳ වීමට පමණක්‌ ම හේතු නො වන අතර ඒ ආශ්‍රිතව ජීවත් වන ජීවීන් ගේ ජීවිත තර්ජනයට ද හේතුවක්‌ වෙයි. ගෙවුණු වසර 100 තුළ තෝරාගත් ශාක 1099ක්‌ අතරින් ශාක විශේෂ 72ක්‌ වඳ වී ගිය ශාක ලෙසට නම් කර ඇත. මේ ශාක විශේෂ අතරින් සියයට 60ක්‌ මෙරටට ආවේනික ශාක වෙයි.

වර්ෂ 1900 දී ශ්‍රී ලංකාවේ සමස්‌ත ගොඩබිම් වන ගහණය සියයට 70ක්‌ වුව ද වර්ෂ 1992 වාර්තාවලට අනුව මේ වන ගහණය සියයට 23.9 දක්‌වා අඩු වී ඇත. සමස්‌ත සමීක්‍ෂණ වාර්තාවලින් පෙන්වා දෙන අන්දමට වර්ෂ 1950 දී මෙරට තිබුණු ගොඩබිම් වන ගහණය සියයට 44ක්‌ වූ අතර වර්ෂ 1983 දී වන ගහණය සියයට 27 දක්‌වා පහළ බැස්‌සේ ය. වර්ෂ 1992 දී වන ගහණයේ ප්‍රතිශතය සියයට 23.9ක්‌ දක්‌වා අඩු විය. මේ අනුව වසරක්‌ පාසා ශ්‍රී ලංකාවට අහිමි වන, වන ගහණය හෙක්‌ටයාර 40000කට ආසන්න ය. ශ්‍රී ලංකාවේ වත්මන් ජනගහණය මිලියන 20කට ආසන්න ය. මෙසේ වැඩි වන ජනගහණයට අවශ්‍ය ආහාර සැපයීම සඳහා කෙරෙන කෘෂිකාර්මික ඉඩම් සංවර්ධනය, කර්මාන්ත බිහි කිරීම, යටිතල පහසුකම් සැපයීම හා මහා මාර්ග සංවර්ධනය වැනි කටයුතු සඳහා අවශ්‍ය භූමි ප්‍රමාණය වනාන්තර ආශ්‍රිතව ලබාගත් බැවින් රටට අහිමි වූ වන ගහණයන් හා ඒ ආශ්‍රිත ජෛවවිවිධත්වයන් සුළුපටු නැත. වත්මන් සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ වියළි කලාපයෙන් ඉවත් වූ වන භූමි ප්‍රමාණය සුළු පටු නැත. ශ්‍රී ලංකාවේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 65610කි. මේ වර්ග ප්‍රමාණය තුළ වෙසෙන ජනගහනයේ ඝනත්වය ගත් කල වර්ග කිලෝමීටරයට 314ක්‌ බැගින් බැව් පෙනේ. මේ නිසා මෙරටින් වඳ වී යැමේ තර්ජනයට ලක්‌ වූ ශාක විශේෂ ගණන 675ක්‌ බැව් වසර 2007 රතු දත්ත පොත පෙන්වා දෙයි.

දිස්‌ත්‍රික්‌ක වශයෙන් ගත් කල අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ ජනගහණ ඝනත්වය වර්ග කිලෝමීටරයකට 111කි. වඳ වී යැමට ලක්‌ වූ ශාක විශේෂ ගණන 68කි. වර්ග කිලෝමීටරයට 294ක ජනගහණ ඝනත්වයක්‌ තිබෙන බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ වඳ වී යැමට ලක්‌ වූ ශාක විශේෂ ගණන 90කි. වර්ග කිලෝමීටරයට 629ක ජනගහණ ඝනත්වයක්‌ ඇති ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ වඳ වී යැමේ තර්ජනයට ලක්‌ වූ ශාක විශේෂ ගණන 187කි. වර්ග කිලෝමීටරයට 704ක ජනගහණ ඝනත්වයක්‌ ඇති මහනුවර දිස්‌ත්‍රික්‌කයේ වඳ වී යැමේ තර්ජනයට ලක්‌ වූ ශාක විශේෂ ගණන 310කි. කළුතර දිස්‌ත්‍රික්‌කයේ ජනගහණ ඝනත්වය වර්ග කිලෝමීටරයට 688ක්‌ වන අතර වඳ වී යැමේ තර්ජනයට ලක්‌ වූ ශාක විශේෂ ගණන 126කි. රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ ජනගහණ ඝනත්වය වර්ග කිලෝමීටරයට 245ක්‌ වන අතර වඳ වී යැමේ තර්ජනයට ලක්‌ වූ ශාක විශේෂ ගණන 264කි. කොළඹ දිස්‌ත්‍රික්‌කයේ ජනගහණ ඝනත්වය වර්ග කිලෝමීටරයට 3631ක්‌ වුවත් වඳ වී යැමේ තර්ජනයට ලක්‌ වූ ශාක විශේෂ ගණන 22කට සීමා වී ඇත්තේ අඩු වන ගහණයක්‌ තිබෙන බැවිනි. මෙයින් පෙනී යන එක්‌ ප්‍රධාන කරුණක්‌ වන්නේ ශ්‍රී ලංකාවේ ජනගහණයේ වර්ධනයත් සමග ඊට අවශ්‍ය සම්පත් සපුරා ලීමට අනුරූපව වන ගහණයේ අඩු වීමක්‌ සිදු වන බවයි.

ආක්‍රමණික ආගන්තුක ශාක බලපෑම

ස්‌වාභාවික පරිසරයේ නිදහසේ වැවෙන ශාක ප්‍රජාව ඉවක්‌ බවක්‌ නැති ව විනාශ කිරීම හේතුවෙන් ආක්‍රමණශීලී ආගන්තුක ශාක බලපෑම් එම වන ගහණය වෙත ඇති වෙයි. ගොඩබිම හා ජලජ පරිසර පද්ධතිවල ජෛව සංයුතියේ හා ජෛව සංවිධානවල වෙනස්‌කම් ඇති කිරීමට ආගන්තුක ශාක විශේෂ සමත් වන අතර ම කාලාන්තරයක්‌ තුළ ඒ ඒ පරිසර පද්ධතිවල ජීවත් වූ ජෛව විශේෂ එනම් ශාක හා සත්ත්ව යන ජෛව විශේෂ ඔවුන් ගේ පරිසර පද්ධතියෙන් ඉවත් කිරීමට ද සමත් වෙයි. ශ්‍රී ලංකාවේ වන ගහණය නිරපරාදේ විනාශ කිරීම හේතුවෙන් මේ වන විට විවිධ බලපෑම් ඇති කිරීමට සමත් වී ඇති ආගන්තුක ශාක විශේෂ ගණන 38කි.

ශාක විශේෂ 38ට තෘණ විශේෂ 04ක්‌, වගාබිම්වල දැකිය හැකි යෝධ නිදිකුම්බා, පාතීනියම්, අරුණදේවි, කටු පතොක්‌ වැනි ශාක විශේෂ 11ක්‌, ජලජ පරිසරවල දියගෝවා, දිය හවරිය, කෙටල, සැල්වීනියා ශාක විශේෂ 7ක්‌, කැරැන්කොකු, කැකිල්ල වැනි මීවන විශේෂ 2ක්‌, වැල් නිදිකුම්බා සහ ලෝකපාලු වැනි වල් විශේෂ 2ක්‌ සහ ගල්ගොරක, ඉපිල් ඉපිල්, කට්‌ටකුමන්ජල්, වැලන්ටයින්, කලපු අන්දර වැනි ශාක විශේෂ 12ක්‌ ද අයත් වෙයි. මේ සැම ආක්‍රමණික ශාක විශේෂයක්‌ ම මෙරට පරිසර පද්ධතියට විවිධ බලපෑම් කිරීම හේතුවෙන් වන සත්ත්ව ප්‍රජාවට ආහාර හිඟතාවක්‌ ඇති කිරීමට හේතු වී ඇත. මෙයට ප්‍රධාන හේතුව මිනිසා විසින් උපාය මාර්ග භාවිත කර මහා වනාන්තර හා ළඳු කැළෑ විනාශ කරනු ලැබීමයි. මේ නිසා මෙරට පරිසර පද්ධති කෙරෙහි ආගන්තුක ආක්‍රමණශීලී ජීවී විශේෂ ඇති කරන බලපෑම්වලින් වනාන්තර රැකගැනීම සඳහා ද මෙවර ජෛවවිවිධත්ව දිනයේ තේමාව වූ වනාන්තර ජෛවවිවිධත්වය යටතේ ක්‍රමෝපායන් යෙදිය යුතු ව ඇත.

වන හායනය හා අනෙකුත් පරිසර හානිකර තත්ත්ව හේතුවෙන් වඳ වී යැමේ තර්ජනයට ලක්‌ වූ ජීවීන් පිළිබඳ ලෝක සංරක්‍ෂණ සංගමයේ වසර 2007 රතු දත්ත පොත වාර්තා අනුව දිස්‌ත්‍රික්‌ක වශයෙන් ගත් කල ජීවීන් සංඛ්‍යාව ඉහත වගුවෙන් පෙන්වයි. වැඩි තර්ජනයක්‌ ඇති දිස්‌ත්‍රික්‌ක වගුවේ දැක්‌වේ.

මේ වගුවෙ පිළිබඳව විමසීමේ දී පහතරට තෙත් කලාපයට අයත් ගාල්ල, මාතර, රත්නපුර, කළුතර, කෑගල්ල යන දිස්‌ත්‍රික්‌ක සහ මධ්‍යම කඳුකරයට අයත් මහනුවර, මාතලේ, නුවරඑළිය සහ බදුල්ල යන දිස්‌ත්‍රික්‌කවල වන ජීවී විශේෂ වැඩියෙන් වඳ වී යාමේ තර්ජනයට ලක්‌ වී ඇති බවක්‌a දක්‌නට ලැබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ වනාන්තර වැඩි වශයෙන් දක්‌නට ලැබෙන දිස්‌ත්‍රික්‌කවල වෙසෙන ජෛව විශේෂ වඳ වී යැමේ වැඩි තර්ජනයකට ලක්‌ වී ඇති බැව් පෙනේ. මෙයින් පැහැදිලි වන කරුණක්‌ වන්නේ අනවසර වන හායන මේ දිස්‌ත්‍රික්‌කවල වැඩි වශයෙන් සිදු වන බවද එසේත් නැත හොත් වත්මන් සංවර්ධන කටයුතු මේ දිස්‌ත්‍රික්‌ක තුළ වැඩයෙන් සිදු වීම ද යන්න තවදුරටත් විමසා බැලිය යුතු ව ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ වන හායනයත් ඊට සමගාමීව ජෛව විශේෂවල වඳ වීමත් සිදු වන බව නම් පැහැදිලි ය.

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.