වඳුරඹ රුස්වීමේ වේදිකාව ගිනි තිබ්බේ මම නෙමේ- නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම

mithri attack

පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහභාගී වීමට නියමිතව තිබූ වඳුරඹ රුස්වීමේ වේදිකාව ගිනිතැබීම සම්බන්ධයෙන් නැගෙන චෝදනා නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම ප්‍රතික්ෂේප කරයි.

වේදිකාව ගිනි තබා ඇත්තේ එහි සංවිධායකයන් විසින්ම බව නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම කියා සිටී.

‘මම ජනාධිපතිතුමගෙ අතිජාත ගොලයා. ඒ නිසා මගේ දේශපාලනයට මඩ ගහන්න විපක්‍ෂය උත්සාහ කරනවා. අපි සාමකාමී මිනිස්සු. අපි ළඟ අයුධ නෑ. සිරිසේන මහත්තයාගේ කණ්ඩායමක් ඒ ගොල්ලන්ට ප‍්‍රචාරය ගන්න ඒ අයම ගිනි තියාගෙන අපිට චෝදනා කරනවා. ඒ පිරිස් මගේ වඳුරඹ කාර්යාලයකුත් කඩලා. නිකරුනේ මට මඩ ගහන්න එපා. මං ඔය සිද්ධියට සම්බන්ද නෑ’ යයිද ඔහු අදහස් පල කලේය.

 

කෙසේ වෙතත් ඔහුගේ රියදුරු හා ආධාර කරුවන් දෙදෙනාත් සැකපිට අත් අඩංගුවට ගත් බව මුතුහෙට්ටිගම මහතා  පැවසීය.

]
nishantha-muthuhettigama

‘‘පොලිස් ආරක්ෂාව යටතේ මේ ස්ථානය තිබුණේ. අර කයිවාරු ගහන පොලිස් මාධ්‍ය ප්‍රකාශකට මම කියනවා මෙතැනට ඇවිත් බලන්න කියා. මට බොරු චෝදනා කරනවා. ඕඅයිසී මාරු කරන්න කියලා මම ඉල්ලනවා‘‘

‘‘කවුරු කොහොම කිව්වත් නමවැනිදාට ජනාධිපති වෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාම තමයි. බලන්න මම පළාත් සභා ඡන්දයේ දී මනාප 120,000ක් ගත්තා. එත් කොම්පියුටර් ජිල්මාට් දාලා මගේ මනාප අඩුකළා. මේ මැතිවරණ කොමසාරිස් තුමා එදා මැතිවරණ කාර්යාලයේ හිටියා. එතුමා හොඳින් දන්නවා සිදුවෙන්නේ මොනවාද කියා. දැන් මහින්ද දේශප්‍රිය මහතා කියනවා කම්පියුටර් ජිල්මාට් දාන්නේ නැහැ එහෙම කරන්න බැහැ කියා. නමුත් මට එහෙම කළා. 09 වැනිදාට ජනාධිපති වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාම තමයි. “

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතා වදුරඹ රැස්වීමකට කිසිදිනක අමාත්‍යවරයකු ලෙස පැමිණ නැති බවයි.

වර්තමාන දේශපාලන තත්වය  ගැන කරුණු දැක්වීමට  මුතුහෙට්ටිගම මහතා අමතක නොකළේය.

‘‘මම බස් හයක් අලුතෙන් ගත්තා 2005 කැම්පේන් එකට. ඒත් මට හයිවේ පර්මිට් එකක් නිශාන්තට දෙන්න ඕන කියන්න ජනාධිපතිතුමාට විතරයි මතක් වුණේ. මම බස් 16ක් විකුණලා තේ ෆැක්ටරි විකුණලා සල්ලි අරගෙන ජනාධිපතිතුමාගේ 2005 ඡන්දයට වියදම් කළා. ඒත් මම රුපියල් 50ක් වත් ගත්තේ නැහැ‘‘

‘‘තිස්ස අත්තනායක අපිට බැණ බැණ ඉදලා ආපු ගමන් සෞඛ්‍ය ඇමති. මෛත්‍රීපාල අවුරුදු ගාණක් කඹුරලා සෞඛ්‍ය ඇමති වුණා. මටත් ලේසියි බුලත් අතක් දීලා මෛත්‍රී ළඟට ගිහින් ඇමති කමක් ගන්න තිබුණා පනින කෙනාට තමයි හැමදාම තනතුරු ලැබෙන්නේ. යූ.එන්.පී එකෙන් ආපු අයට තනතුරු දීලා අපේ මිනිසුන්ට කැපුණු නිසා තමයි කට්ටිය පැන්නේ. ‘‘

‘‘දැන් ඉතින් අපේ සෞඛ්‍ය ඇමති තුමා හෙට අනිද්දාට යූඑන්පී කාරයන් රෝහල් වලට දාවි. එතකොට ඉතින් අපිට බුදු සරණයි. මම දේශපාලනය කරන්නේ ජනාධිපතිතුමාට ඕනකමට නෙවෙයි. මට ඕන නිසා. එතුමාගේ පිටිපස්සෙන් ගියාට අපි ශ්‍රී ලංකා කාරයෝ. කවුද මට වටිනාකමක් දෙන්නේ එතනට මම යනවා. ඒත් මම ශ්‍රී ලංකා කාරයෙක්. පක්ෂය දාල යන්නෙ නැහැ. මෛත්‍රීපාල ළඟට යන්න මට වුවමනා නැහැ. ‘‘

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.