වර්ජන භීතිකාවක් පැතිරේ

strikeලබන අගෝස්‌තු මස 02 වැනිදා ජාතික විරෝධතා දිනයක්‌ ලෙස ප්‍රකාශයට පත් කර රජයට එරෙහිව රටපුරා විරෝධතා හා උද්ඝෝෂණ පැවැත්වීමට සයිටම් විරෝධී ජනපවුර ව්‍යාපාරය තීරණය කර ඇත. මේ පුවත දිවයින පුවත්පතේ මුල් පුවතයි.

බැලු බැල්මට රටපුරා ඇති වෙන්නට යන වර්ජන රැල්ලක ආරම්භයකි. වර්ජනය කිරීමට බලපාන හේතුද එසේ මෙසේ ඒවා නොවේ.

 

මැතිවරණ කල් දැමීම
රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණය කිරීම, සයිටම් අහෝසි නොකිරීම, එට්‌කා ගිවිසුම, අතුරුදන් පනත, මැතිවරණ කල් දැමීම ඇතුළු ආණ්‌ඩුවේ ජනතා විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහිව මෙම විරෝධතා පැවැත්වෙයි. මේ අතුරින් මැතිවරණ කල් දැමීම ගැන ඒකාබද්ධ විපක්‌ෂය හෝ වෘත්තීය සමිති පාරට බහින්නට අවශ්‍ය නැත.පාට භේදයකින් තොරව
ජනතාව පාරට බහිනු ඇත.

වර්ජන භීතිකාව

අනෙක් විරෝධතා තුලින් මතු කරන්නට තැත් කරන්නේ වර්ජන භීතිකාවකි. ආරංචි වන අන්දමට ඒකාබද්ධ විපක්‌ෂයේ වෘත්තීය සංගම් දැඩි පසුබෑමක සිටින අතර ආණ්ඩුවත් සීරුවෙන් සිටීමට තීරණය කොට ඇත.

ජනතා විමුක්ති පෙරමුණ ඒකාබද්ධ විපක්‌ෂය මෙහයවන විරෝධතා වලින් වැඩ බිමේදී ඈත්ව සිටීමට තීරණය කොට ඇත. පසුගිය ආණ්ඩුවේ දුෂිතයින්ට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග ඉක්මන්වීමට සමාන්තරව වර්ජන භීතිකාව පැතිරවීම තීව්‍ර විය හැකිය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.