වරාය සේවකයින්ගෙන් නැව මුදා ගත්තාට නාවික හමුදාවට රජයේ ප්‍රසාදය……………

ranil-wickramasingheවරාය සේවකයින් හම්බන්තොට වරායේ නවතා තිබූ නෞකා බලෙන් රඳවා ගත් අවස්‌ථාවේ ඒවා මුදා ගැනීමේ මෙහෙයුම සාර්ථකව ඉටුකිරීම සම්බන්ධව රජය නාවික හමුදාපතිට සහ නාවික හමුදාවට ස්‌තුති කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එම අවස්ථාවේදී තමන් ජනාධිපති සහ ආරක්‌ෂක ලේකම් සමග සාකච්ඡා කොට නැව් සහ වරාය ආරක්‌ෂා කර දෙන ලෙස නාවික හමුදාපතිවරයා ගෙන් ඉල්ලා සිටි බවද අගමැතිවරයා කියා සිටියේය.

හම්බන්තොට වරාය සේවකයින්ගෙන් එම නෞකා නිදහස්‌ කර ගැනීමට නාවික හමුදා සෙබළුන් කළ මෙහෙයුම සම්බන්ධව නාවික හමුදාපති වයිස්‌ අද්මිරාල් රවීන්ද්‍ර විඡේගුණරත්න මහතා විසින් විශේෂ වාර්තාවක්‌ අගමැතිවරයාට අරලියගහ මන්දිරයේදී භාරදුන් අතර එහිදී අගමැතිවරයා මෙම අදහස් පල කළේය.

ජාත්‍යන්තර ගිවිසුම් අනුව වරායන් ආරක්‌ෂා කිරීමට රජය බැඳී සිටින බවත් ඒ අනුව ප්‍රශ්න ඇතිවුණද එම නැව් බේරා ගැනීමට නාවික හමුදාව ක්‍රියාත්මක වූ බවත් අගමැතිවරයා මෙහිදී සඳහන් කළේය.

වරායකට ඇතුළුවීමට සියලුම දෙනා අවසර ගත වුවත් පහර කෑමට ලක්වූ මාධ්‍යවේදියා එම අවසරය ලබා ගෙන නොමැති බැවින් ඒ පිළිබඳවත පරීක්‌ෂණයක්‌ ආරම්භ කරන බව අගමැතිවරයා කියා සිටියේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.