වවුනියාවේ කුණු අපිට එපා – සාලම්බකුලම් ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය

vavuniyaවවුනියාවේ එකතුවන අපද්‍රව්‍ය හා කැලි කසල පම්පමඩුව පුදිය සාලම්බකුලම් ප්‍රදේශයේ පිහිටි යාපනය විශ්ව විද්‍යාලයේ වවුනියාව මණ්ඩපය ආසන්නයේ පිහිටි ප්‍රදේශයකට බැහැර කිරීම පිළිබදව විශ්ව විද්‍යාල සිසූන් හා ප්‍රදේශවාසීන් සිය විරෝධය පලකොට සිටිති.

අපද්‍රව්‍ය බැහැර කරන ප්‍රදේශය අවට පදිංචි පවුල් 2000කට ආසන්න ජනතාව වසර ගණනාවක් පුරා මෙම ගැටළුව සම්බන්ධයෙන් පීඩා විදිති.

මීට දින කිහිපයකට පෙර පුදිය සින්න කුලම් ගම්මානයේ පුංචි දරුවෙකු හදිසියේ අසනීප වී වවුනියාව මහරෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු වෛද්‍යවරුන්ගේ නිගමනය වී ඇත්තේ අවට ඇති අපද්‍රව්‍ය ගිණිතැබීමෙන් හමන දුමාරය ආග්‍රහණය වීමෙන් ශ්වසන රෝගී තත්වයක් බව ගම්වාසීන් පවසනවා.

අක්කර 5ක පමණ භූමි ප්‍රදේශයක අපද්‍රව්‍ය හා කැලි කසල ගොඩ ගසා ඇති බවත් ඒ අතර මිය ගිය සුනඛයින්ගේ හා ගව කොටස් ද වැසිකිළි කැසිකිළි අපද්‍රව්‍යයද මුදා හැර තිබෙනුද දැක ගත හැකි විය.

ගලි බවුසර මඟින් වැසිකිළි අපද්‍රව්‍ය එම ප්‍රදේශයේ කැලෑවට මුදාහරින ආකාරයද දැක ගත හැකි විය.

අපද්‍රව්‍ය කළමණාකරණය වෙනුවෙන් විශාල මුදලක් වැය කොට ඉඩමක් වෙන් කර තිබුණද එම ප්‍රතිචක්‍රීකරන මධ්‍යස්ථානය මේ වන තුරුම ආරම්භ කොට නොමැත. මේ හේතුවෙන් එම අවට ප්‍රදේශය වෙත කලස බැහැර කරන බවට නගර සභා සේවකයින් පවසනවා.

මෙම කුණු කන්ද හා වැසිකිළි අපද්‍රව්‍ය නිසා හමන සුළඟ ගම්මානයට හා ඊට ආසන්නව පිහිටි විශ්ව විද්‍යාලයේ සිසුන්ට මෙන්ම ව/ආයිසා විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන්ටත් සෞඛ්‍ය හා පාරිසරික වශයෙන් පීඩා එල් වී තිබේ.

වවුනියාව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති කර්මාන්ත හා වානිජ කටයතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වවුනියාව ප්‍රදේශයේ වැඩසටහනකට සහභාගි වීමසඳහා ගමන් කරමින් සිටියදී එම ස්ථානය නිරීක්ෂනය කිරීම සඳහා පැමිණී අතර එම අවස්ථාවට වවුනියාව පළාත් පාලන සහකාර කොමසාරිස්, වවුනියාව ප්‍රදේශීය සභා ලේකම්, වවුනියාව ප්‍රදේශීය ලේකම්,නගර සභා නිළධාරීන් ඇතුළු නිළධාරීන් පිරිසක්ද එක්විය.

ගැටළුව පවතින ප්‍රදේශය නිරීක්ෂනය කිරීමෙන් අනතුරුව අමාථ්‍ය වරයා ප්‍රකාශ කළේ මේ සම්බන්දයෙන් විසඳුම් ලබා දීමට නිළධාරීන් දැනුවත් කල බවයි. ඒ අනුව අවශ්‍ය පියවර ගැනීමට නිළධාරීන්ට උපදෙස් ලබා දුනි.

දිනසේන රතුගමගේ

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.