වවුනියාව පොලිස් සංකීර්ණය තුළ ඉදි වූ නව චෛත්‍යය මාර්තු මස 06 වෙනිදා විවෘත වේ

vavuniyaදිනසේන රතුගමගේ
වවුනියාව පොලිස් සංකීර්ණය තුළ ඉදි වූ සාම විහාරයේ නව චෛත්‍යය මාර්තු මස 06 වෙනිදා උදෑසන අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඥ්ඥානන්ද ඥාණරතනාභිධාන මහානායක හිමිපාණන් වහන්සේ අතින් විවෘත වීමට නියමිතය.
මෙම අවස්ථාවට පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු තවත් සම්භාවනීය අමුත්තන් රැසක්ද සහභාගි වෙයි.
වව්නියාව ශ්‍රි ලංකා පොලිස් සංකිර්ණය තුල පිහිටා ඇති සාම විහාරය වර්ෂ 2009 පුනි 13 දින ස්ථාපිත කොට ඇත. එහි මුල්ම විහාර අංගය ලෙස බුද්ධ ප්‍රතිමාව සහිත බුද්ධ මන්දිරය ඉදිකොට ඇති අතර ඒ සදහා මුලිකත්වය ගෙන ඇත්තේ එවකට වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වත්මන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා වේ.

අනතුරුව මෙම විහාරය සදහා ඝාන්ඨාර කුලුණක් වර්ෂ 2016 දී ඉදිකර ඇති අතර එය එවකට වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ඒකනායක මහතාගේ මුලිකත්වයෙන් එවකට වව්නියාව කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දැනට කොළඹ දකුණ නියෝජ්‍ය පොලිස්පති ධුරය හොබවන වසන්ත වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවිමෙන්සිදුකර ඇත.‍‍

තවද 2008 වසරේ දී උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන මහතාගේ මුලිකත්වයෙන් තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ පිහිටා ඇති බෝධිරජයාණන් වහන්සේගේ අංකුරයක් වැඩමවිමෙන් සාම විහාරය භූමියේ බෝධිය රෝපණය කරවා ඇත.

පොලිස් නිලධාරින් දහස් ගණනකගේ දෛනික වන්දනාමානයට පාත්‍රවන මෙම සාම විහාර භුමියේ මෙතෙක් අඩුපාඩුවක්ව පැවැති චෛත්‍යරජයාණන් වහන්සේ ඉදිකිරිම ආරම්භ වනු ලබන්නේ වත්මන් පොලිස්පති පූජිත් ජයසුන්දර මැතිතුමාගේ දැහැමි සිතුවිල්ලක්මත වන අතර,2016.06.08 වන දින ආරම්භ කෙරෙන එහි ඉදිකිරිම් කටයුතු වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ මුලිකත්වයෙන්හා අධික්‍ෂණයෙන් මේ වන විට අවසන් වි ඇත.

මෙම චෛත්‍ය අඩි 27 1/2 ක් උසින් හා අඩි 44 ක වට ප්‍රමාණයකින් යුක්ත වන අතර, ඝාණ්ඨාකාර හැඩයෙන් නිර්මිත මෙම චෛත්‍යය මහනුවර ගම්පොල චෛත්‍ය නිර්මාණ ශිල්පි බි.පි.වී.කේ සිරිවර්ධන මහතා ගේ නිර්මාණයකි.

ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ සිට 2017 පෙබරවාරි 22 දින උත්සවශ්‍රියෙන් වැඩමකරවන ලද තිලෝගුරු සම්බුදුරජානන් වහන්සේගේ සර්වඥධාතුන් වහන්සේ නමක් සහ මලියදේව සහ සීවලි මහරහතුන් වහන්සේලාගේ අස්ථි ධාතුන් වහන්සේලා අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහා සෑයේ බුද්ධ මන්දිරයේ තැන්පත් කරනු ලදුව එතැන් සිට රිය පෙරහැරකින් 2017 මාර්තු 05 දින වව්නියාව සාම විහාරස්ථානයට වැඩමවන අතර, එදින රාත්‍රිය පුරා සාම විහාර පරිශ්‍රයේ සිදු කෙරෙන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයෙන් පසු 2017 මාර්තු 06 දින පැය 07.15 ට යෙදෙන සුභ මොහොතින් පොලිස්පතිධුරන්දර පූජිත් ජයසුන්දර මහතා විසින් චෛත්‍ය ගර්භයේ තැන්පත් කිරිමට නියමිතව ඇත.

අනතුරුව එම අවස්ථාවට වැඩමවා වදාරන ශ්‍යාමෝපාලිවංශික මහානිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඥ්ඥානන්ද ඥාණරතනාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේපින්බර සුරතින් චෛත්‍ය කොත නිරාවරණය කෙරෙන අතර ඉන් අනතුරුව පොලිස් නිලධාරින්ගේ සහභාගිත්වයෙන් දහම් හමුවක්ද පැවැත්විමට කටයුතු යොදා ඇත.

මෙම අවස්ථාවට උතුරු ප්‍රදේශයේ සේවය කර දිවිපිදු පොලිස්රණවිරුවන්ගේ දෙමාපිය ඥාති හිතවතුන් ඇතුලු ශ්‍රි ලංකා පොලිසියේ උසස් නිලධාරින්,අනෙකුත් ශ්‍රේණිවල නිලධාරින් මෙන්ම ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගි විමට නියමිතව ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.