වවුනියා නගරයේ පුංචි යුද්ධයක් ……………

vavuniya-aදිනසේන රතුගමගේ
වවුනියාවේ පෞද්ගලික බස් රථ සේවකයෝ ලංගම බස් රථ වලට ධාවනය කිරීමට බාධා එල්ල කිරීමත් ලංගම සේවකයෝ පෞද්ගලික බස් රථ වලට ධාවනය වීමට ඉඩ නොතබා අවහිර කිරීමත් නිසා 17 දා වවුනියාව නගරයේ පුංචි යුද්ධයක් හටගෙන තිබුණි. මෙම අවහිර කිරීම් ප්‍රචණ්ඩකාරී බවක්ද දක්නට ලැබූණු අතර ලංගම බස්රථ වවුනියාව බස්නැවතුම්පොලට කොටුකර තබා ගැණීමටද විරෝධතාකරුවන් කටයුතුකර තිබිණි. මෙම තත්වය හමුවේ බස් රථවලට ගොඩවී සිටි මගින් මෙන්ම බස්රථ වලින් ගමන් කීරීමට පැමණි මගීන්ද දැඩි අපහසුතාවයට පත්ව සිටි අතර ඔවුන් දැඩි ලෙස බියට පත්ව සිටි අයුරුද දක්නට ලැබිණි .

කෙසේ වුවත් පොලිසිය ආරක්ෂාව දැඩිකොට තිබූ අතර කිසිදු මගියෙකුට අණතුරක් සිදු නොවූවා මෙන්ම එක් දේපල හානියක් හැරුනු කොට ඉන් එහා කිසිදු හානියක් සිදුවීමක් දහවල් 1.00 පමණ වන සිදු නොවී තිබිණි. ලංගම බස් රථයට පහර දීම හේතුවෙන් එක් පුද්ගල යෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබූ අතර පසුව ලංගම සේවකයෙකුද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

පෙරේදා (16) ප්‍රවාහන ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් වවුනියාව නුවර පාරේ කෘෂිකර්ම ගොවිපල ආසන්නයේ නව බස්නැවතුම්පලක් විවෘත්ත කරන ලද අතර එක සියළුම පුද්ගලික බස්රථ වලට හා දුර ගමන් සේවා ලංගම බස් රථ වලට වෙන් වූවකි.
විරෝධතා කරුවන් පවසන්නේ නගරයෙන් බැහැර නව බස් නැවතුමට තම පුද්ගලික බස්රථ රැගෙන යාම හේතුවෙන් තමන්ට මගින් නොමැතිවන බවයි එහි වාසිය ලංගමයට පමණක් ලැබෙන බවද ඔවුහු පවසයි. මීට පිළියමක් ලෙස ලංගම බස් නැවතුමද නව පෞද්ගලික බස්නැවතුමට රැගෙන යන ලෙස බලකරන පුද්ගලික බස්කරුවන් නොඑසේනම් ලංගම බස්නැවතුමේ තමන්ටද ඉඩක් ලබා දෙන ලෙස විකල්ප ඉදිරිපත්කරයි.

දෙපාර්ෂවයේ වවුනියාව බස් බලධාරින්ගේ සාකච්ඡා පොලිසිය මැදිහත් වීමෙන් සිදුවූ අතර අවසානයේ පෙර අයුරින්ම පලවන හරස් වීදියේ පුද්ගලික බස් රථ ගාලිකර තැබීමටත් ලංගම බස් රථ එම බස් නැවතුමේ සිට ගමන් ඇරැඹීමටත් තීරණය විය. මේ තත්වය හමුවේ පෙරේදා (16) විවෘත කරනු ලැබූ බස් නැවතුම තවමත් පුද්ගලික බස්කරුවන් ප්‍රයෝජනයට නොගෙන පවතී.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.