වසන්ත සේනානායක නියෝජ්‍ය ඇමති රිවර්ස් ගියරයේ

 

safe_image

සන්නස් මගින් අලි පැටවු විවිධ පුද්ලයන්ට හෝ ආගමික ස්ථාන වෙත ලබා දීමට මෙරට ජනාධිපතිවරුන්ට කිසිදු බලයක් නොමැති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි

. 1978 වර්ෂයේ සිට මෙරට ජනාධිපතිවරු සන්නස් මගින් අලි පැටවුන් පිරිනමා ඇතත් ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයකුට සන්නස්මගින් ලබාදිමට හැකියාව ඇත්තේ නිශ්චල දේපලක් හෝ ඉඩමක් හෝ පමණක් බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

 

මෙරට හිපටු ජනාධිතිවරු විසින් අලි ඇතුන් රැසක් සන්නස් මගින් ලබා දී ඇති බැවින් දැනට ඔවුන් නීත්‍යානුකූල අලි ඇතුන් බව පිළිගැනීමට සිදුව ඇති බවත් ඉදිරියේ දී ඒ අලි ඇතුන් ගැන තීරණයක් ගන්නා බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.

z_p01-General-amnesty

 

 

ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් සන්නසකින් ලබාගත් අලි පැටවූ  දෙදෙනෙක් ආපසු භාර දුන් විට ඒ අලි පැටවුන් ළඟ තබා ගැනීමේ නීතිමය පසුබිම ගැන කිසිත් නොපැවසු සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා මේ අලි පැටවූ දෙදෙනා යළිත් ආපසු භාර දීම ප්‍රසංශනීය කටයුත්තක් බව කියා සිටියේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පොදු අපේක්ෂක පිළට එක්වූසංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා තමන්ගේ පැරණි ස්වාමිවරුන්ට යළිත් සේවය කිට්‍රීම්ට පටන් ගෙන ඇති බවට චෝදනා නැගෙත්ම ඔහුට සන්නසේ නීතිමය පසුබිම මතක් වී තිබේ.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.