වසරේ හොඳම පුවත් පත් කලාවේදියා රාවයෙන්

sanjeewaශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ ශ්‍රී ලංකා කර්තෘ සංසදය එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන “ජන මාධ්‍ය විශිෂ්ඨතා සම්මාන උළෙලේ” මේ වසරේ “ශ්‍රී ලංකාවේ පුවත්පත් නිදහස ආරක්ෂා කිරීම සඳහා කැපවීම” වෙනුවෙන් පිරිනැමෙන සේපාල ගුණසේන සම්මානය පිරිනමා ඇත්තේ දි අයිලන්ඩ් කර්තෘ ප්‍රභාත් සහබන්දු වෙතය.

ගල්කිස්ස හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පවත්වා ඇති සම්මාන උළෙලේදී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් වන ලක්ෂ්මන් ජයවර්ධන, ඩබ්ලිව් ජී. ගුණරත්න, ගැස්ටන්ද රොසයිරෝ, පී පන්නීර් සෙල්වම් සහ එස්.ඒ.සී.එම්.කුවල්දීන්ට දීර්ඝ කාලීන සේවය සඳහා ප්‍රදානය කෙරෙන විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එම උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වී ඇත්තේ ශ්‍රී ලංකා තොරතුරු අයිතිය පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති මහින්ද ගම්මන්පිලය. සිය සගයන්ගේ ඇගයීමට ලක්වූ පුවත්පත් කලාවේදියාට හිමි සම්මානය – සන්ඩේ ටයිම්ස් පුවත්පතේ නාමිනී විජේදාසට හිමිව ඇත.

වසරේ හොඳම පුවත්පත් කලාවේදියාට පිරිනැමෙන මර්වින් ද සිල්වා සම්මානය රාවය පුවත්පතේ කේ. සංජීව වෙතත් වසරේ හොඳම තරුණ වාර්තාකරු සම්මානය රාවය පුවත්පතේ තරිඳු උඩුවරගෙදර වෙතත් පිරිනමා තිබේ.

මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, මාධ්‍ය ආයතන ප්‍රධානීන්, කර්තෘ වරුන් ඇතුළු මාධ්‍යවේදීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම සම්මාන ප්‍රදාන උළෙලේදී වසරේ හොඳම තීරුලිපි රචකයාට පිරිනැමෙන බී.ඒ.සිරිවර්ධන සම්මානය සිංහල – එස්.ජී. පුංචිහේවා (රාවය), දෙමළ – ආර්. රාමකුමාර් (වීරකේසරී) සහ ඉංග්‍රීසි – ඩොන් මිතු (සන්ඩේ ටයිම්ස්) වෙත පිරිනමා තිබේ.

වසරේ හොඳම විශේෂාංග ලේඛකයාට පිරිනැමෙන උපාලි විජේවර්ධන සම්මානය සිංහල – පීටර් කැනියුට් පෙරේරා (ඉරිදා ලක්බිම), දෙමළ- ඩී. නඩරාජා (වීරකේසරී),ඉංග්‍රීසි – ඉසුරි කවිරත්න (සන්ඩේ ඔබ්සර්වර්) සහ ශ්‍රීමතී ඩැනියල් (සන්ඩේ ටයිම්ස්) හට හිමිව ඇත.

සමාජ ප්‍රශ්න පිළිබඳ හොඳම වාර්තාකරණය සඳහා පිරිනැමෙන සුබ්‍රමනියම් චෙට්ටියාර් සම්මානය සිංහල- ධර්මා මොහොට්ටාල (ඉරිදා ලක්බිම), දෙමළ- දේවිකා රංගනාදන් (වීරකේසරී) හා ඉංග්‍රීසි- කසුන් වරකාපිටිය (සන්ඩේ ටයිම්ස්) වෙත පිරිනමා තිබේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.