ව්‍යවස්ථාදායක සභාවේ පත් කිරීම් ප්‍රමාදයි

 

 

19වන ව්‍යවස්ථා සංශෝධනය අනුව පිහිටවිය යුතු ව්‍යවස්ථාදායක සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස ඇමති පාඨලී චම්පික රණවක නම් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
 ව්‍යවස්ථාදායක සභාවට ජනාධිපතිවරයාගේ නියෝජිතයා, අගමැතිවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා ඇතුළු නියෝජිතයින් 10 දෙනෙකු ඇතුළත් ය. ඉන් 07 දෙනෙකු පාර්ලිමේන්තු නියෝජිතයන් වන අතර ඉතිරි තිදෙනා ස්වාධීන සිවිල් පුරවැසියන්ගෙන් සමන්විතය.
මේ අතර  ව්‍යවස්ථාදායක සභාව පත්කර ස්වාධීන  කොමිෂන් සභා 11 ස්ථාපිත කරනතුරු පාරිලිමේන්තුව විසුරුවා නොහැරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව වාර්තා වේ.  නමුත් ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ අතර එකඟතාවයක් ඇතිකර ගැනීමට මේ වනවිටත් නොහැකිව තිබේ.
එමෙන්ම ඇමති  විජේදාස රාජපක්ෂ, දෙමළ ජාතික සන්ධානයේ නායක  ආර්. සම්බන්ධන්ද මෙම සභාවට  නම්කර ඇතැයිද  දැනගැනීමට තිබේ.

පැෆ්රල් සංවිධානය

 

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පෙර ව්‍යවස්ථාදායක සභාව ස්ථාපිත කරන ලෙස පැෆ්රල් සංවිධානය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.

ඉන් අනතුරුව මැතිවරණ කොමිසම, පොලිස් කොමිසම සහ රාජ්‍ය සේවා කොමිසම වැනි නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සෘජුවම අදාලවන ආයතන ව්‍යුහයන්ද ස්ථාපිත කරන ලෙස එම සංවිධානය ඉල්ලා සිටියේය.

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන මේ වන විට මසකට ආසන්න කාලයක් ගත වී ඇතත් මේ වන තුරු ව්‍යවස්ථාදායක සභාව පත්කර ගැනීමට කටයුතු නොකිරීම කණගාටුවට කරුණක් බවද පැෆ්රල් සංවිධානය සඳහන් කරයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.