ව්‍යවස්ථාදායක සභාව පත්කිරීම ඉක්මනින්-කබීර් හසීම්

kabir-hassim-unp

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම සඳහා ව්‍යවස්ථාදායක සභාව පත්කිරීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කරයි.

අමාත්‍ය කබීර් හෂිම් මහතා එබව සඳහන් කර සිටියේ, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට පෙර 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කළත්, එය සිදුකර ගැනීමට තවත් කල්ගත වන බවත්, මේ නිසා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පවතින ක්‍රමය යටතේ පැවැත්වීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙන බවත් ඔහු පවසා සිටියේය.

මිලගට පවත්වන්නේ මහමැතිවරණය ද නැතහොත් පළාත් පාලන මැතිවරණය දැයි මේ වන විට ගැටළුවක් පවතින බව කියා සිටි කබීර් හෂිම් මහතා, පළාත් පාලන ආයතනවල කාලය අවසන් වී ඇති බැවින් බොහෝ දුරට ඒවා විශේෂ කොමසාරිස් පාලනයකට භාරදීමට සිදුවනු ඇති බව සඳහන් කර සිටියේය.

 

[vsw id=”/Xnh8udkgCQE” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.