ව්‍යවස්ථාමය සංශෝධන මෛති‍්‍රීට තොන්ඩුවක්

  • 2015192232428734_20-453x300 (1)       ව්‍යවස්ථාමය සංශෝධන ජනාධිපතිවරයාට තොන්ඩුවක් විය හැකි බව පෙනෙන්ට තිබේ.

මේ තත්වය මතුවී ඇත්තේ   එක්සත් ජාතික පක්ෂය හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය යෝජිත ව්‍යවස්ථාමය වෙනස්කම් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට නොහැකිවීමත් සමගයි.

පසුගිය බ‍්‍රහස්පතින්දා  අරලියගහ මන්දිරයේදී පක්ෂ නායකයින් හමුවූ අවස්ථාවේ එකඟතාවයකට පැමිණීමට ඇති සීරුව හෙළිදරව් විය.

ජාතික විධායක කවුන්සිලයේ නියමයෙන් විවිධ අනු කමිටු පත් කර ඇති අතර  යෝජිත ව්‍යවස්ථාමය වෙනස්කම් සම්බන්ධයෙන්

අනුකමිටුවේ ප්‍රධානියා වන්නේ ආචාර්ය ජයම්පති වික්‍රමරත්නයි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ වුවමනාව වන්නේ ව්‍යවස්ථාවට සිදුකරන වෙනස්කම් හා සමගම දැනට රටේ තිබෙන සමානුපාතික ඡන්ද ක‍්‍රමයද වෙනස් කිරීමයයි. නමුත් දැනට සිදුකළ යුතුව තිබෙන්නේ ව්‍යවස්ථාමය වෙනස්කම් පමණක් බව එක්සත් ජාතික පක්ෂයේ අදහසයි.

 

ranilwwww

තමන්ගේ වාසිය

මේ තීරණය යටින් ඇත්තේ තමන්ට ඇති වාසියයි.අළුත් ඡන්ද ක්‍රමයේ වැඩි වාසිය ඇත්තේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයටයි. කේවල ක්‍රමයට ඡන්දය පැවැත්වුවහොත් වඩාත් ජනප්‍රිය අපේක්ෂකයින් රැසක් තමන් සතුව සිටින හෙයින්  ආසනවැඩි ප්‍රමානයක් දින ගැනීමේ හැකියාවක් ඇති බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය කල්පනා කරන බව පෙනේ.

ව්‍යවස්ථාමය වෙනස්කම් යෝජනා පාර්ලිමෙන්තුවේ සම්මත කරගැනීමට එක්සත් ජාතික පක්ෂයට තුනෙන් දෙකක බහුතරය අවැසිය. දැනට පාර්ලිමේන්තු අසුන් බෙදී තිබෙන ආකාරය අනුව ආසන 225 න් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ආසන 126 කුත් එක්සත් ජාතික පක්ෂය ආසන 41 කුත් හිමිකරගෙන සිටී. අවසාන වරට එක්සත් ජාතික පක්ෂයේ සිට පැති මාරු කළේ හිටපු පක්ෂ මහලේකම් තිස්ස අත්තනායකය. ඡන්ද ක‍්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ අදහස වන්නේ එය මැතිවරණයෙන් පසුවට කල්දැමිය යුතු බවයි. එක්සත් ජාතික පක්ෂයේ නායකයා මෙන්ම රටේ වත්මන් අගමැතිවරයාද වන රනිල් වික‍්‍රමංසිහ මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළකර තිබෙන අතර ඉදිරි මැතිවරණයෙන් පත්වන නව රජය ජාතික රජයක් වනු ඇති බව ඔහු නැවත නැවතත් පවසන්නේබය වෙන්න එපා ඔය ගොල්ලන්ටත් චාන්ස් එකක් දෙන්නම් යැයි කියා සිටීමටය.

ගෙවුනු බ‍්‍රහස්පතින්දා දිනයේ මේ පිළිබඳව දෙපාර්ශවය අතර පැවැත්වුනු සාකච්ඡා විසඳුමක් නොමැතිව අවසන් විය.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පසුගිය බ‍්‍රහස්පතින්දා රැයේ ජනපති මෛති‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ හමුවක් පැවැත්වුණු අතර එයට අගමැති වික‍්‍රමංසිහ, එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික‍්‍රම, ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක ආදීහු සහභාගීව සිටියහ. ව්‍යවස්ථාමය වෙනස්කම් හා ඡන්ද ක‍්‍රමයට සිදුකෙරෙන වෙනස්කම් සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටළුකාරී තත්ත්වය කෙසේ හෝ සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගතයුතුයැයි හමුවේදී තීරණය විය. ඒ අනුව මාර්තු 2 වැනිදා එක්සත් ජාතික පක්ෂය හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නැවත වතාවක් හමුවනු ඇත.

මේ ප්‍රශ්නය නිරාකරණය කරගත නොහැකි වුවහොත් තොන්ඩුව වැටෙන්නේ මෛති‍්‍රීපාල සිරිසේන මහතාට.ඔහුට පැත්තක් ගැනීමට සිදුවනු ඇත.එවිට නිර්පාක්ෂික ජනාධිපති පදවිය දියවී යනු ඇත.එතැන් සිට පැවැත්ම අසීරු වනු ඇත.

President in difficult situation with regard to constitutional reforms

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!