ව්‍යවස්ථාව ගැන විවාදයකට එන්නයි මහින්ද රාජපක්ෂට අනුරගෙන් අභියෝග

anura-kumaraනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් විවාදයකට එන්නැයි විමල් වීරවංශ අභියෝගයක් සිදු කර ඇති අතර එම විවාදය විමල්ගේ නායකයා වන මහින්ද රාජපක්ෂ සමග සිදුකිරීමට තමන් සූදානම් බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පෙරේදා (22) තංගල්ලේදී අභියෝග කළේය.

තංගල්ලේදී පැවති දිරිය පුරවැසි සමිති හම්බන්තොට දිස්ත්‍රික් සමුළුවේ ප්‍රධාන දේශනය සිදුකරමින් එසේ කී දිසානායක මහතා එම විවාදය විමල් වීරවංශ සමග සිදු කළ යුතු යැයි කියන්නේ නම් ජවිපෙ පක්ෂයක් ලෙස එයට ද සූදානම් බවත් ඒ සඳහා වීරවංශට ගැලපෙන පුද්ගලයකු ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් යොමු කරන බවත් කියා සිටියේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.