වාණිජ විෂයන් හදාරා වෙදකමට ගිය ‘වෛද්‍යවරයා’ අත්අඩංගුවට

 

 අපොස උසස් පෙළට වනජ විෂයන් හැදැරුවෙක් ලෙස කටයුතු කරන අවස්ථාවක් ගැන ඔබ අසා තිබේද?

දඹුල්ල මූලික රෝහලේ ශල්‍යාගාරයකට ඇතුළුවීමට උත්සහ කළ ව්‍යාජ වෛද්‍යවරයෙකු පොලීසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබිණි.

වෛද්‍ය නලාව ද අතැතිව මෙම ව්‍යාජ වෛද්‍යවරයා රෝහලට ඇතුළුවීමේදී එහි සිටි ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකුට සැක සිතුණු බැවින් එම පුද්ගලයාගෙන් ප්‍රශ්න කර රෝහල් පොලිස් මුරපොළට සැකකරු භාර දී තිබේ.

සැකකරු ළඟ තිබී ව්‍යාජ ලෙස සැකසු අමෙරිකානු වෛද්‍ය හැදුනුම්පතක් ද පොලිසිය භාරයට ගනු ලැබිණි.

අදාළ පුද්ගලයා මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු හෙට දඹුල්ල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

දඹුල්ල රෝහලේ ශල්‍යාගාරයකට ඇතුළුවීමට ගිය හොර දොස්තරට වැඩ වරදී

Posted by Newsfirst.lk on Sunday, April 12, 2015

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.