වාර්තාගතයි:පක්ෂව 164 ක් විපක්ෂව ඡන්ද 1-අයවැය සම්මතයි

DSC_5691

නව ආණ්ඩුවේ අතුරු අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 163 කින් සම්මත විය.

ඊට පක්ෂව ඡන්ද 164 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 1ක් පමණි.

පසුගිය 29 වන දා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් අතුරු අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඊයේ සහ පෙරේදා දිනවල එය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනුණි.

ගාල්ල නියෝජනය කරමින් ජවිපයෙන් පාර්ලිමේන්තුවට පැමිණ පසුව ස්වාධීන වූ අජිත් කුමාර මහතා පමණක් අයවැයට විරුද්ධව ඡන්දය දුන්හ. දෙමළ ජාතික සන්ධානය ද ඡන්දය දුන් අතර විමල් වීරවංශ, තිස්ස විතාරණ, වාසුදේව නානායක්කාර මහත්වරු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

 

Budget  passed with 134 in favour.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.