වාස් බිරිඳ රහස් මල්ලක් දිග හරී

වාස් ගුණවර්ධන මහත්මිය පුවත් පත් හමුවක් කැඳවමින් ඇගේ සැමියා වන නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන විමර්ශනය කළ පැමිණිලි ගණනනාවක් පිළිබඳව විස්තර ඉදිරිපත් කළාය.

ඇය  කියා සිටින්නේ තමන්ගේ සැමියා මේ පැමිණිලි  පිළිබඳව විමර්ශනය කිරීමේ හේතුවෙන් මර්ධනයට ලක් වූ බවයි.

ගම්පහ සිදුවූ පුද්ගල ඝාතන පිළිබඳව, විදුලිබල මණ්ඩලයේත් ඛණිජ තෙල් සංස්ථාවේත් සිදුවූ වංචා,ගණිකා නිවාස පවත්වාගෙන ගිය පුද්ගලයින්, කුඩු හා පාතාලය සමග ගනුදෙනු පැවැත්වූ පුද්ගලයින් පිළිබඳ තොරතුරු ඔහුසතුව ඇති බවත් එම තොරතුරු හෙළිදරව් වීම වැළැක්වීමට වාස් ගුණවර්ධන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ බවත් ඇය පැවසුවාය.

රාජපක්ෂ පවුලේ සමීපතමයකු ලෙස කටයුතු කළ වාස් ගුණවර්ධන නියෝජ්‍ය පොලිස්පතිවරයා යොදා ගනිමින් සුදු වෑන්මාෆියාව පවත්වාගෙන ගිය බවට තොරතුරු මාධ්‍ය හරහා රටට අනාවරණය වූයේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම්පැහැරගෙන ගොස් ඝාතනය කිරීම හෙළිදරව් වීමත් සමගය. මීට පෙර හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාද අපරාධ පරීක්ෂණදෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර සිටියේ ‍ගෝඨාභය රාජපක්ෂ විසින් සුදුවෑන් මාෆියාව රට තුළක්‍රියාත්මක කළ බවත් පැහැරගැනීම් හා ඝාතනවලට ඔහු සෘජුව සම්බන්ධ බවත්ය.

 

 

[vsw id=”/T_PFVvEQyyA” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.