වාසුට ගෙදරිනුත් විරෝධය

 

 

 

nima;ka

 

වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයාගේ සහකාරිය වන සමජ ක්‍රියාධාරිනියක වන නිමල්කා ප්‍රනාන්දු  කියා සිටින්නේ වාසු පසුගියදා පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහට කථා කල ආකාරය සම්බධයෙන් සමව ඉල්ලා සිටිය යුතු බවයි.

 

තමන් පුද්ගලිකව නානායක්කාර මන්ත්‍රීවරයා කියන කරන දේට වග නොකියන නමුත් එදා පාසල් ළමුන් ගැලරියේ සිටියදී මන්ත්‍රීවරයා නොහොබිනා ලෙස කතා කිරීම තමන්ට අනුමත නොකළ හැකි බව නිමල්කා කියා සිටී.

සමාජ ගරුත්වයක් හිමි දේශපාලකයෙක් වන නානායක්කාර මහතා අගමැතිවරයාගෙන් සමාව ඉල්ලා තමන් ගේ චරිත ශක්තිය පෙන්නුම් කලයුතු බව නිමල්කා ප්‍රනාන්දු මහත්මිය පෙන්වා දෙන්නීය.

t

[vsw id=”/CYTuoBe6LbU” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

සමාව ගැනීම ගැන වාසු දක්වන ප්‍රතිචාරය:

 

‘සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවෙ එවැනි දේවල් වෙනවා. මං එවෙලේ ඉතාමත් ප‍්‍රබල කෝපයකින් කේන්තියෙන්,ආවේගයෙන් කතා කළේ.
ඒ ප‍්‍රකාශය ගැන කිසිකලෙක කනගාටු වෙන්නේ නෑ.මා ඒ අවස්ථාවේදී කිව්වේ පරුෂ වචන නෙමේ, ඔහුට පහර ගැසීමට කටයුතු කළ යුතු තදබල වචනයි මම පාවිච්චි කළේ. ඊටත් වඩා තද වචන තිබුණා නම් ඒවත් පාවිච්චි කරනවා.
ඔහු ඒ විදියට හැසිරුණේ. කතා කරන්න මටයි තිබුණේ අයිතිය. මටයි අවසර දුන්නේ කථානායක රීති ප‍්‍රශ්නය මතු කරන්න. එයා බලහත්කාරයෙන් මාව වාඩි කරන්න හැදුවා. ඒ වගේ එයාට කියන්න වචන නැහැනේ.
අගමැති නොවෙයි දෙවියන් වහන්සේ වුණත් පාර්ලිමේන්තුවේ රීතිවලට,සම්ප‍්‍රදායන්ට අනුව වැඩ කරන්න ඕනේ. එයා අලි ඔළුවෙන්නේ වැඩ කරන්න හදන්නේ. කීපාරක් නම් මන්ත‍්‍රීවරුන්ට ඒක කළාද? මම බලාගෙන ඉදලයි අන්තිමට එහෙම කතා කළේ.
ඊට පස්සෙත් අගමැති මට මුණගැහුණා. අපි එකිනෙකා සමග සුහදව කතා කරන්නේ නෑනේ. අවශ්‍ය වුණොත් රාජකාරි කටයුත්තකට කතා කරනවා’

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!