වාසු ආණ්ඩුව තුළ රැඳී සිටිනවාද? නැද්ද

wwasu

 

 

ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය  නානායක්කාර මහතා හෙට (10) දින දේශපාලන තීන්දුවක් ගන්නා බව වාර්තා වෙයි.

මේවන විට පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව කළ අධ්‍යයනයකින් පසුව මෙම තීරණය දැනුම්දෙන බව ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීම, නව මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කිරීම හා විධායක ජනාධිපති ධූරයේ බලතල අඩු කිරීම යන කරුණු තුන ඉටු කිරීමට හැකි ජනාධිපති අපේක්ෂකයා තමන් සහයෝගය ලබා දෙන බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

ඒ මහතා ආණ්ඩුව තුළ රැඳී සිටිනවාද? නැද්ද යන්න හෙට(10) පස්වරු 3.00 පමණ විශේෂ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරන බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

 

 

Asian Mirror

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.