වාසු පින්කැටය හොල්ලයි

 

 

 

fcc69119bc7879154fe6be9fd1d48cc1_L

තම මැතිවරණ ව්‍යාපාරය සඳහා අවශ්‍ය කරන මුදල් ආධාර ලබා දෙන මෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පොදු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එසේ එවන මුදලින් තම ඡන්ද ව්‍යාපාරය ඉදිරියට ගෙනයාමට සිදුව ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මුදල් ආධාර ඉල්ලමින් නානායක්කාර මහතා විසින් ජාතික පුවත්පත්හි අද (21) පළ කර තිබූ  දැන්වීමක් සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ විමසීමක දී ඔහු ‍මේ අදහස් පළ කළ අතර ආධාර ලබා ගැනීම සඳහා මුද්‍රණය කරන ලද ටිකට් පත් ද රත්නපුර දිස්ත්‍රික්කයේ අලෙවි කෙරෙන බව නානායක්කාර මහතා වැඩිදුරටත් පැවසුවේ ය.

නානායක්කාර මහතාට සහයෝගය දක්වන ව්‍යාපාරිකයින් ආදී පුද්ගලයින් මුදල් ආධාර ලබා නොදෙන්නේ දැයි අප විමසූ විට ඒ මහතා කියා සිටියේ එවන් පිරිස් ද තමාට මූල්‍යමය ආධාර සිදුකරන බව යි. එමෙන්ම ඔවුන් එම මුදල් ආධාර ලබා දෙන්නේ කිසිදු ප්‍රති බලාපොරොත්තුවක් ඇතිව නොවන බවත්, තමාගේ ක්‍රියාකලාපය අගය කිරීමක් ලෙස පමණක් බවත් නානායක්කාර මහතා අවධාරණය කර සිටියේ ය.

මේ සම්

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.