වැඩි වාසිය එජාපයට-බුද්ධි වාර්තා

බුද්ධි අංශsrilanka-election11 (1) වාර්තා කරන පරිදි එක්සත් ජාතික පක්ෂයට දිස්ත්‍රික්ක දහයක ජය ලැබෙන අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයට දිස්ත්‍රික්ක නමයක ජය හිමිවේ. ඉතිරි දිස්ත්‍රික්ක තුනේ බලය හිමිවන්නේ දෙමල ජාතික සන්ධානයටයි.

 

මුළු ඡන්ද ප්‍රතිශතයෙන් සියයට 47ක් එක්සත් ජාතික පක්ෂයට හිමි  වෙන  අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්ද වලින් සියයට 41කක් ලැබීමට නියමිතය.

ජනතා විමුක්ති පෙරමුණට සියට හතරක් සහ දෙමල ජාතික සන්ධානයට මුළු ඡන්ද ගණනින් සීයට පහක් ලැබීමට නිමිතය.

වාසිදායක දිස්ත්‍රික්ක

එජාපයට වාසිදායක දිස්ත්‍රික්ක- කොළඹ,පුත්තලම,බදුල්ල,ත්‍රිකුණාමලය,මහනුවර,නුවරඑළිය,පොලොන්නරුව,සහ මාතර.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට සෙසු දිස්ත්‍රික්ක දහයක් වාසිදායකය.

දෙමළ ජාතික සන්ධානය- යාපනය,වන්නි,මඩකලපුව යන දිස්ත්‍රික්ක වල මුල් තැන හිමිවේ.

 

ගාල්ල, මාතර, කෑගල්ල යන දිස්ත්‍රික්ක වල මැතිවරණ සටන වඩාත් තීරණාත්මකය.

 

 

එක්සත් ජාතික පක්ෂයට පහසු ජයක්

මේ විග්‍රහය අනුව බලතහොත් මැතිවරණ තරඟය තියුණුය එහෙට් ප්‍රධාන පෙළේ මැතිවරණ නීරීකෂකයෙක් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයට පහසු ජයක් ලැබෙන බවයි.මේ සඳහා  බලපාන ප්‍රධාන

සාධකය වන්නේ රනිල් වික්‍රමසිංහ හෝ පක්ෂය කෙරේ පැහැදීමට වඩා මහින්ද රාජපක්ෂ පිළේ බිඳවැටීම්,බෙදීම් සහ අසංවිධානාත්මකකම බව ඔහු කියා සිටියේය.

අනෙක් අතට ජනතා විමුක්ති පෙරමුණ ජනප්‍රිය පක්ෂයක් වුවත් ඊට සම්ප්‍රදායිකව ලැබෙන සීයට 5 ඡන්ද ප්‍රතිශශතය ඉක්මවා යාම දුෂ්කර  බව නිර්නාමිකව හිඳීමේ පොරොන්දුව මත කතා කළ මැතිවරණ නීරීකෂකයා කියා සිටියේය.

 

 

the unp is in an advantages situation at the coming Sri lankan election.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.