වැලිකඩ ඇත්ත හෙළිදරව්වේද?

downloadWELIII

 

 

2012 වසරේ නොවැම්බර් මස 11 වැනි දින වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුමින් මිය ගිය පිරිස පිළිබඳ විමර්ශනය කිරීමට පත් කළ කමිටුව අද (06) දිනයේ වැලිකඩ බන්ධනාගාරයේ නිරීක්ෂණයක නිරත වෙමින් නැවතත් විමර්ශන ආරම්භ කර තිබේ.

 

 

[vsw id=”/w-m1ck8wF5I” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

එම සිදුවීමෙන් ඝාතනයට ලක්වූවන්ගේ ඥාතීන් ඝාතන සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ වාර්තා පිළිගත නොහැකි බව සඳහන් කර තිබිණ. ඒ අනුව වත්මන් ආණ්ඩුව නැවතත් විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා කමිටුවක් පත්කරනු ලැබීය. ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවෙන් පසුගිය ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කරන ලද චෝදනා පත්‍රයේ මෙම සමූහ ඝාතනය පිළිබඳ චෝදනාවද ඇතුළත් කර තිබේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝග මත බන්ධනාගාරය වෙත යවන ලද විශේෂ කණ්ඩායමක් විසින් සිරකරුවන්ගේ නාම ලේඛණයක් අතැතිව අදාළ පුද්ගයන් තෝරාගෙන ඝාතනය කරනු ලැබීය. මේ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු එවකට විපක්ෂයේ සිටි බොහෝ දෙනෙකු පැවති රජයට බලකර සිටියද එවැනි පරීක්ෂණයක් නොපැවැත්වීය.

 

 

Welikada killings investigated.

 

[vsw id=”/0e1NfnSK0Xg” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.