වැලිකඩ ඝාතනයේ නඩු භාණ්ඩවල රස පරීක්ෂක වාර්තාව ලඟදීම

Low2012 නොවැම්බර් 09 වෙනිදා සහ 10 අලුයම දක්වා වැලිකඩ බන්ධනාගාරය තුල සිදුකරනු ලැබූ ඝාතනවලට සම්බන්ධ යැයි සැකපිට අධිකරණ භාරයට ගෙන ඇති නඩු භාණ්ඩ වහාම රජයේ රස පරීක්ෂකගේ වාර්තාවක් ලබා ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනලේ මහතා ඊයේ (03) නියෝග කලේය.
මෙම නඩු භාණ්ඩ අදාළ සිදුවීමේදී නිලධාරීන් භාවිතා කළ ගිනි අවි, පතුරොම් වන අතර ඒවා 2015 අප්‍රේල් මස 27 වෙනිදා අධිකරණ භාරයට ගෙන තිබුණි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට  ඉකුත් 28 වෙනිදා අත්අඩංගුවට ගනු ලැබූ, එවකට කොළඹ මැගසින්  බන්ධනාගාරයේ ප්‍රධානියාව සිටි වර්තමාන බන්ධනාගාර පුනරුත්ථාපන කොමසාරිස් ලෙස  කටයුතු කළ එමිල් රංජන් ළමාහේවගේ මහතා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ  පොලිස් පරීක්ෂක මොසෙස් රංගජීව අද අධිකරණයේ පෙනී සිටීමට නියමිතව තිබුණද රංගජීව මහතා රෝහල් ගත කර ඇති බව දන්වා තිබුණි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.