වැලි කැටයේ සිට මහා පරිමාණ දුෂණ මැඩලීමට තීරණ

අළුත් ආණ්ඩුවේ තීරණ  ගණනාවක් අද දවසේ ප්‍රකාශයට පත් විය.

ආරක්ෂක ලේකම්
ආරක්ෂක ලේකම්

බැංකු ගිණුම ගැන ආරක්ෂක ලේකම් ගෙන්  නිදහසට කරුණු

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බැංකු ගිණුමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළැයි කියන ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායකගෙන් නිදහසට කරුණු දක්වන ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනපති දන්වා ඇතැයි අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න කියයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා රැකීම සඳහා ආරක්ෂක ලේකම් හා හමුදා මාධ්‍ය ප්‍රකාශක මතබේදකාරී එම බැංකු ගිණුම ගැන අදහස් දක්වා ඇති බව පෙනේ යැයිද රටේ මුදල් ප්‍රතිපත්තිය ගැන හමුදා මාධ්‍ය ප්‍රකාශකට තේරුමක් නැතැයිද දොස්තර සේනාරත්න පවසයි.

රටේ දැනට යුද්ධයක් නැති නිසා ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන් ඉවත් කිරීම ගැන ඇමැති මණ්ඩලයේ සැලකිල්ල යොමුවී ඇතැයිද ඔහු කීවේය

දේශිය මැණික් කර්මාන්තය විදේශ සමාගම්වලට පවරාදීමට මෙන්ම පෙබරවාරි 01වැනිදා සිට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලි ගොඩ දැමීම සහ ප්‍රවාහනය සම්පුර්ණයෙන්ම නවතා දමන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී තිබේ.

[vsw id=”/rsmoAGZcvgw” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

වැලි ගොඩ දැමීම අත්හිටුවයි

z_bus-p01-entire

දේශිය මැණික් කර්මාන්තය රැක ගැනීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව අමාත්‍යංශ නිලධාරීන් සමග පැවති හමුවකදී මේ බව සඳහන් කළේය.
ඒ අනුව දැනට විදේශීය සමාගම් විසින් ඉල්ලා ඇති අවසරයන්ද ප්‍රතික්ෂේප කරන ලෙස ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.දිවයිනේ වැලි ගොඩ දැමීමට සුදුසු සහ නුසුදුසු ප්‍රදේශ මොනවාද යන්න පිළිබඳ සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි සඳහන් වන්නේ.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක

යුද හමුදා ප්‍රකාශක තනතුරට අළුත් කෙනෙක්  

වහාම ක්‍රියාත්මක වන පරිදි නව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක හා ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලෙස බ්‍රිගේඩියර් කේ.ජේ ජයවීර මහතා පත් කර තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදා නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ බ්‍රිගේඩියර් කේ.ජේ ජයවීර මහතා පුහුණු හා සම්බන්ධීකරණ අධ්‍යක්ෂ, ආරක්ෂක අමාත්‍යංශයේ හා ආරක්ෂක මාණ්ඩලික කාර්යාලයේ ප්‍රධානි ලෙසද කටයුතු කරන අතරවාරයේ නව පදවියද ලබාදී ඇති බවයි.

මේවන තෙක් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ බ්‍රිගේඩයර් රුවන් වනිගසූරිය මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි යුද හමුදා මූලස්ථානයට මාරුකර යවා තිබේ.

 

දූෂණ විරෝධි කමිටුව

images (68)

දූෂණ විරෝධි කමිටුව ලෙස පසුගිය කාලයේ සිදුව ඇතිමහා පරිමාණ දූෂණ සම්බන්ධව සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කමිටුවක් ජාතික විධායක සභාවේ නිර්දේශ මත පිහිටුවීමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
අග්‍රාමාත්‍යවරයා සභාපතීත්වය දරන මෙම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස මංගලසමරවීර, පාඨලි චම්පික රණවක, රවුෆ් හකීම් යනඅමාත්‍යවරුන් සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකායන මහත්වරුන් කටයුතු කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, නීතිඥ ජේ.සී.වැලිඅමුණ සහ මලික් සමරවික්‍රම යන මහත්වරුන් අදාළකමිටුවේ සාමාජිකත්වය දරති.
මෙම කමිටුවට සමගාමීව ක්ෂණික ප්‍රතිචාර කමිටුවක්ද ස්ථාපිත කර ඇති අතර එහි සම්බන්ධිකාරක වශයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කටයුතු කරන බව සඳහන්.

ගුවන් විදුලියේ නව සභාපති පත් වේ

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නව සභාපති ලෙස නිතිඥ නන්ද මුරුත්තෙට්ටුවේගම මහතා පත් කොට ඇත.

ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති

ජනපති සොයුරු කුමාරසිංහ සිරිසේන ටෙලිකොම් සභාපති ලෙස නම් කෙරේ…ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ධුරය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරෙකු වන කුමාරසිංහ සිරිසේන මහතා පත් කර ඇත.රාජ්‍ය කළමණාකරන උපාධීධාරියෙක් වන ඒ මහතා රාජ්‍ය දැව සංස්ථාවේ 2006 වසරේ සිට ප්‍රධාන විධායක නිලධාරී සහ සමාන්‍යාධිකාරී ලෙස කටයුතු කර තිබේ
[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.