වික්ටර් බිරිඳ ෂොට් එකේ සැර බාල කරයි

Victor Hashiniවික්ටර් රත්නායකයන්ගේ බිරිඳ හෂිනි අමේන්ද්‍රා වික්ටර් රත්නායකයන්ගේ ලිංගික කාරණය පිලිබඳ කල බව කියන සඳහන බොහෝ දෙනා අතර කතාබහට
ලක්වූ අතර ලංකා නිවුස්ලයින්ද ඒ පිළිබඳ කතා බහට එක්විය. දැන් ලංකාදීපයට ලියන හෂිනි අමේන්ද්‍රා කියා සිටින්නේ ආදරය, පේ‍්‍රමයේදී මෙන්ම ලිංගිකත්වයේදීත් ඔහු තරුණයෙක් වගෙයි කියා මට දැනෙන්නේ යනුවෙන් තමා නොකියූ බවයි. එසේම තමා ලිවින් ටුගෙදර් පිළිබඳව කතා නොකල බව ඇය කියා සිටින්නේ. කෙසේ වෙතත් වික්ටර් රත්නායක ලිවින් ටුගෙදර් පිළිබඳව මෙම සම්මුඛ සාකච්ජාවේදී කතා කර ඇති අතර ඔහු දැන් ඒ පිළිබඳව සඳහනක් කරන්නේ නැත.

අනෙක ලංකාදීපය හෂිනි අමේන්ද්‍රාගේ ප‍්‍රකාශය පලකොට ඇත්තේ පැහැදිලි කිරීමකින් තොරවය. මේ නිසා කී දේ හා නොකී දේ අතර මායිම අපහැදිලිය. එහෙයින් දැන් හෂිනි අමේන්ද්‍රා ඇගේ විවේචකයින්ට දුන් ෂොට් එකේ සැර බාල වී ඇත. එහෙත් ෂොට් එක ලැබුණු ඇයට මේ වන විටත් ඇති වන්නට රිදෙන්නට ඇති බවයි පෙනෙන්නට තිබෙන්නේ. ඒ මාධ්‍යයේ හැටිය.

මේ සම්බන්ධව අපවිසින් මිට පෙර පලකල ලිපිය මෙතැනින්

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.