විගනේෂ්වරන්ගේ සමූලඝාතන යෝජනාවේ සුලමුල

downloadsampanthan

මහ ඇමති සි.වී.විගනේෂ්වරන්ගේ ප‍්‍රධානිත්වයෙන් පසුගිය බ‍්‍රහස්පතින්දා  රැුස්වූ උතුරු පළාත් සභාවේදී සාමාන්‍යයෙන් පළාත් පාලන ආයතනයක නියෝජිතයින් ඉදිරිපත් කරන යෝජනාවලියක අන්තර්ගත නොකෙරෙන දැඩි වදන් ඇතුළත් වූ යෝජනාවලියක් ඒකමතිකව සම්මත විය.දෙමළ ජාතික සන්ධානයේ අභ්‍යන්තර ගැටුම් වල ප‍්‍රතිඵලයක් ලෙස එම යෝජනාවලිය ඉදිරිපත්ව තිබුණු බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි.එය ඉදිරිපත්වූයේද මූලෝපායික වශයෙන් හොදම අවස්ථාවකය.මාර්තු මස පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 28 වැනි සැසිවාරයේදී ශී‍්‍රලංකාවට නැගී තිබුණු යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් සිදුකෙරුණු අන්තර්ජාතික පරීක්ෂණයේ අවසාන වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතය

දෙමළ ජාතික සන්ධානය මෙවැන්නක් කළේ ඇයි?

පළාත් පාලන ආයතනයකට ඉදිරිපත් කෙරුණු යෝජනාවලියක පළමු වතාවට සමූලඝාතනය යන වදන අන්තර්ගතව තිබුණි.නව රජයට පක්ෂපාතීත්වය පළ කළ  දෙමළ ජාතික සන්ධානය මෙවැන්නක් කළේ ඇයි? පසුගිය ජනාධිපතිවරණයේදී මෛතී‍්‍රපාල සිරිසේන මහතාට මනාපය පළකරන්නැයි උතුරේ ජනතාවගේන්  ඉල්ලා සිටියේ ඔවුන්ය.උතුරේ ජනතාවද ඔවුන්ගේ ඉල්ලීමට කන්දුනි.තමන් වෙහෙසවී දිනාගත් නව රජයට දෙමළ ජනතා සන්ධානය මෙසේ සළකන්නේ ඇයි? අනෙක මෙතරම් ඉක්මනින්? පිළිතුර ලැබෙන්නේ දෙමළ ජනතා සන්ධානයේම ආරංචි මාර්ග  වලින්ය.

දෙමළ ජනතා සන්ධානයේ දැඩි මතධාරීන් පසුගිය සමයේ සිදුවීම් දෙකක් අරබයා නොසන්සුන්ව සිටින බව එම ආරංචි වලින් පැවසුනි.ඉන් එකක් දෙමළ ජාතික සන්ධානයේ වත්මන් නායක ආර්.සම්බන්ධන් පසුගිය පෙබරවාරි මස 4 වැනිදා ශී‍්‍රජයවර්ධනපුර කෝට්ටේහි පැවති නිදහස් දින සමරුවට සහභාගී වීමය.1985 වසරෙන් පසු දෙමළ ජනතා සන්ධානයේ මුල් පෙල සාමාජිකයෙක් නිදහස් දින සමරුවට සහභාගීව සිටියේ ප‍්‍රථම වතාවටය.දෙවැන්න ආර්.සම්බන්ධනගේ සමිීපතමයෙක්  වන දෙමළ ජනතා සන්ධාන පාර්ලිමෙන්තු මන්තී‍්‍ර එම්.ඒ.සුමන්තිරන් ගේ ලන්ඩන් සංචාරයයි.මන්තී‍්‍රවරයා ලන්ඩනය බලා ගොස් සිටියේ විදේශ අමාත්‍ය මංගල සමරවීර තම ඇමරිකා සංචාරය මදකට නවතා ලන්ඩනයේ පැවැත්වුනු පොදුරාජ්‍ය මණ්ඩලීය  අභ්‍යන්තර අමාත්‍යවරුන්ගේ කාර්ය සංගමයේ රැුස්වීමට සහභාගීවීමට ලන්ඩනයට පැමිණ සිටි කාලයේදීමය.කොළඹ දෙමළයෙකු යැයි සුමන්තිරන් මන්තී‍්‍රවරයා හදුන්වාදෙන දෙමළ ජනතා සන්ධානයේ දැඩි මතධාරීන් හා ඔහු අතර හොද සම්බන්ධයක් නොමැති බව සදහන්ය.ශී‍්‍රලංකාවට එරෙහිව පැවැත්වීමට යන යුධ අපරාධ පරීක්ෂණය කල්දැමිීමට  පක්ෂපාතීත්වය දක්වන්නෙකු වීම නිසා ඔහු දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයින් අතර ප‍්‍රකට චරිතයක් නොවන බවද පැවසේ.එනිසා මන්තී‍්‍රවරයාගේ මෙම ලන්ඩන් සංචාරය විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාට සහය දැක්වීම සදහා සිදුකෙරුණක් බව දෙමළ ජාතික සන්ධානයේ දැඩි මතධාරීන්ගේ මතය වී ඇත.

 

wigneswaran

 

 රනිල් වික‍්‍රමසිංහව දැඩි විවේචනය

පළාත් සභා මන්තී‍්‍ර එම්.කේ සිවාජලිංගම් ඉදිරිපත් කළ මේ යෝජනාවලිය මාස ගණනාවක් තිස්සේම උතුරු පළාත් සභාවේ න්‍යාය පත‍්‍රයේ තිබුණකි.එය විවාදයට ගැනීම ප‍්‍රමාද කිරීම නිසා විරෝධය පෑමක් ලෙස පළාත් සභාවේ සෙංකෝලය රැුගෙන පලා යෑමටද සිවාජලිංගම් මන්තී‍්‍රවරයා එක් අවස්ථාවකදී උත්සාහ කළේය.නමුත් පසුගිය අගහරුවාදා දිනයේදී දෙමළ බසින් ලියැවී තිබුණු යෝජනාවලිය සභාගත කෙරුණි.පුදුමයට කරුණක් නොවූවද කිසිවෙකුත් අපේක්ෂා නොකළ අවස්ථාවක මහ ඇමති සී.වී.විගනේෂ්වරන් යෝජනාවලිය සභාගත කිරීමට අවසර දීම විශේෂ විය.

යෝජනාවලියට තමන්ගේ පක්ෂපාතීත්වය පෙන්වා සිටි ඔහු වත්මන් අගමැති රනිල් වික‍්‍රමසිංහව දැඩිව විවේචනය කළේය.උතුරු පළාත් සභාවට අවශ්‍ය වන්නේ මහා  පරිමානයෙන් සිදුවූ දෙමළ ජනතාව සමූලඝාතනය කිරීම් සම්බන්ධයෙන් විධිමත්,අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට අදාළ පාර්ශවයන් යොමුකරවීම පමණක් බව ඔහු කීවේය.සිවාජලිංගම් මන්තී‍්‍රවරයා අදහස් පළ කරමින් හිටපු ඉන්දියා අගමැතිනී ඉන්දිරා ගාන්ධි 1983 වසරේ සිංහල – දෙමළ ජාතිවාදී ගැටුම් මුල්කරගෙන එදවස ඉන්දියා  ලෝක් සභාවේදී ශී‍්‍ර ලංකාවේ දෙමළ ජාතිකයින් සමූලඝාතනය වී ඇති බව පවසමින් පළමුවතාවට ශී‍්‍රලංකාවට සමූලඝාතනය යන වචනය ඈදුූ බව පැවසීය.තමන් සමූලඝාතනය යන වදන යොදානොගන්නේ එයින් ශී‍්‍රලංකා ආරක්ෂක අංශ දෙමළ ජාතිකයින් මරා දැමුවායැයි ඇගවෙන නිසා බව දෙමළ ජාතික සන්ධානය එදා සිටම කියන්නකි.නමුත් යථාර්ථය කුමක්දැයි

අපි හොදින් දනිමු.ශී‍්‍රලංකා ආරක්ෂක අංශ සටන් වැදුනේ දෙමළ ඊළමේ විමුක්තිකාමිී කොටි ලෙස තමන්ව හදුන්වාගනිමින් තම අරමුණ දිනාගැනීමට අවි අතටගෙන සිටි  කණ්ඩායමක් සමග මිස දෙමළ ජනතාව සමග නොවේ.බදාදා දිනය වන විට මේ යෝජනාවලිය සම්බන්ධයෙන් වූ නොසන්සුන්කාරී තත්ත්වය දළු ලා වැඞී තිබුණි.දෙමළ  ජාතික සන්ධානය ඊමේල් ආධාරයෙන් එය එකිනෙකා අතට යැවීය.එහි ඉංගී‍්‍රසි පරිවර්තනයක්ද විය.ඇතැම් වෙබ් අඩවි වලටද එහි පිටපත් ලැබී තිබුණි.

යෝජනාවලිය සභාගත කෙරුණු අවස්ථාවේ උතුරු පළාත් සභාවේ  මන්තී‍්‍රනි ආන්නදි සසිතරන්  සිටියේ තමිල්නාඩුවේය.තමිල්නාඩුවේ විවිධ කණ්ඩායම් මුණගැසිීි  වෑයම සාර්ථක කර ගැනීමට’ එම කණ්ඩායම් වල උදවු ලබාගැනීම  ඇයගේ සංචාරයේ අරමුණ වුනි.ඇය මෙම යෝජනාවලිය වෙනුවෙන් දැඩිව පෙනී සිටියාය.ඇයගේ සැමියා වන්නේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ දේශපාලන අංශයේ නායකයාව සිටි එලීලන්ය.ඔහු ආරක්ෂක අංශ අතින් ඝාතනය විය.එලීලන්ගේ සැබෑ නම සින්නදුරෙයි ශශීන්ද්‍රන් වේ.දෙමළ සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ඉලංෙගෙ තමිල් අරුසු කච්චි  පක්ෂයේ සාමාජිකාවක් වන ආනන්දි සාස්ති‍්‍රයන්ගේ පක්ෂ සාමාජිකත්වය මේ වන විට තිබෙනුයේ අත්හිටුවා වුවත් ඇයට පළාත් සභාවේ රැුස්වීම් වලට සහභාගී වීමේ අවසරය  හිමිය.තම පක්ෂයේ තීරණ විවේචනය කිරීම නිසාත්,ජනාධිපතිවරණය උල්ලංඝණය කළ යුතුයැයි ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කිරීම නිසාත් ඇයගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට නායකයෝ පියවර ගෙන තිබේ.

RANILW2

උතුරු පළාත් සභාවේ මේ හදිසි වෙනස්වීම ඉන්දියාවේ  කෝපයට හේතුවිය.වහාම ප‍්‍රකාශයක් නිකුත් කළ ඉන්දියාව කිසිදු ආකාරයක අන්තර්ජාතික පරීක්ෂණයකට තමන් සහය නොදක්වන බව අවධාරණය කළේය.පසුගිය වසරේ මාර්තු මාසයේදී පැවති මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ශී‍්‍රලංකාවට එරෙහි පරීක්ෂණය සම්මත කර ගැනීමට පැවැත්වුනු ඡුන්ද විමසීමේදී ඉන්දියාව ඊට පක්ෂව හෝ විපක්ෂව හෝ ඡුන්දය පළකිරීමෙන් වැළකී සිටි බවද මෙහිදී සදහන් කළ යුතුය.

(සන්ඩේ ටයිම්ස්)

මේ විග්‍රහයත් සෙසු කරුණු  අනුවත් බලන කල උතුරු පළාත් සභා යෝජනාව දෙමළ ජාතික සන්ධානයේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා වල ප්‍රතිපලයක් සේ අර්ථ කථනය කළ හැකිය.

එහෙත් ගැටළුව ඊට වඩා  සංකීර්ණය.මේ වේදනාකාරී අත්දැකීම සමග ගනුදෙනු කරන්නේ කෙස්ද යන්න තවමත් නිරවුල් මනසක් ගොඩ නගා ගැනීමේ හැකියාව දෙමළ හෝ සිංහල

මිනිසුන්ට තවමත් ලැබී නැත.මේ නිරවුල් මනස ඇතිවෙනතුරු සිදුවන්නේ තුවාලය තව තවත් පැරීම පමණි.මේ ගැටළුව එකිනෙකා කෙරේ ගරුත්වය සහ සෙනෙහස ඇතුව විසඳා ගන්නේ කෙසේදැයි විමසීමට වහාම සංවාදයක් ආරම්භ කළ යුතුය.

 මුළු යෝජනාව මෙතැනින්

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.