විග්නේෂ්වරන් ගැන රජයේ ස්ථාවරය මොකක් ද?… දිනේෂ් අසයි

dinesh-gunawardenaආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කිරිමේ ප්‍රකාශ නිකුත් කළ උතුරු පළාත් මහ ඇමති සි.වි විග්නේෂ්වරන්  සම්බන්ධයෙන් රජය ගන්නේ කුමන පියවරත් දැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන  පාර්ලිමේන්තුවේදි ඊයේ (04) විමසා සිටියේය.
ස්ථාවර නියෝග 23/2 යටතේ ප්‍රශ්නයක් මතු කරමින් කතා කළ දිනේෂ් ගුණවර්ධන  සිය කතාව මෙසේ ඉදිරිපත් කළේය.
“යාපනයේ විරෝධතාවයක් මෙහෙයවා නැගිටිමු දමිලයනි යන තේමාව යටතේ උතුරේ මහ ඇමති සි.වි විග්නේෂ්වරන්  රටට, ජනතාවට, බුද්ධ ශාසනයට අනතුරුදායක ප්‍රකාශයක් කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මහ ඇමති ලෙස දිව්රුම් දුන් විග්නේෂ්වරන්   උතුරේ බෞද්ධ සිද්ධස්ථාන ඉදිකිරිම නවතා දැනට ඇති බුද්ධ ප්‍රතිමා ඉවත් කරන බවත් සිංහල ජනතාව පදිංචි කරවිම නතර කරන බවත් කියමින් රටේ සාමයට අහිතකර ප්‍රකාශ කළා. මෙම මහ ඇමතිවරයාගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ප්‍රකාශය හෙළා දකිමින් රජය ගන්නා පියවර කුමක්ද දැන දැනම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන්න උතුරේ මහඇමතිවරයාට ඉඩ දී තිබෙනවා. මේක භයානක තත්ත්වයක්. මේ ප්‍රකාශය හෙළා දකිනවා කියලාවත් ආණ්ඩුව ප්‍රකාශ කරලා නැහැ. ආණ්ඩුව නිහඩ ඇයි. මොකක්ද මේ මහ ඇමතිවරයා සම්බන්ධයෙන් ගන්නා පියවර “
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – ප්‍රධාන ඇමතිවරයා මෙම ප්‍රකාශ ප්‍රතික්ෂේප කරනවා. අගමැතිතුමා මේ ප්‍රශ්නයට දීර්ඝ ලෙස පිළිතුරක් පසුව
ලබා දෙයි. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා කියන දේ මහඇමතිවරයා ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ නිසා මේ ගැන කතා කිරිම වැරදියි. මේ අය හැමදාම උදේට එල්ලෙන්නේ මොකකද කියලා හොයනවා. මහඇමතිවරයා ප්‍රතික්ෂේප කර තිබියදීත් මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවට ගෙන ඒම වැරදියි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!