විඡේදාස රාජපක්‍ෂ අළුත් නවාතැනක් හොයයි?

Wijeyadasa Rajapaksheආචාර්ය විඡේදාස රාජපක්‍ෂ මේ දිනවල පෙන්න්නුම් කරන්නේ වැට උඩ චර්යාවකි. අවන්ගර්ඩ් අයිතිකරු නිශ්ශහංක සේනාධිපති ගේ අනුග්‍රහයෙන් ඩිස්නිලන්තයට ගිය ගමන පිළිබඳව සරත් ෆොන්සේකා කල එලිදරව්වෙන් පසුව තරමක් නිහඬ වූ විජේදාස රාජපක්ෂ දැන් යළිත් හඬ අවදි කළේ ආණ්ඩුවේ ආයෝජන පිළිවෙත් වලට එරෙහි වෙමින්ය. ජනතා විමුක්ති පෙරමුණේ ජතික ලැයිස්තුව හරහා දේශපලනයට පිවිසි විඡේදාස රාජපක්‍ෂ මේ දිනවල අළුත් නවාතැනක් හොයනවා විය හැකිය.

තමන්ගේ දේශපාලන සෞඛ්‍යය පිළිබඳව ගැටළුවක් තිබේදැයි විමසු විට ඔහු කියා සිටින්නේ – ‘ප්‍රශ්න නැහැ කියලා කියන්න බෑ.’ ඔහුට අනුව ඔහුගේ සගයින් ‘ඇත්ත කතා නොකර ගොලුවෝ බීරො වගේ ඉන්න අයයි’ ආත්මාර්ථයක්‌ නැති කෙනකුට පමණක්විතරයි ඇත්ත කළ හැකිය

විජේදාස රාජපක්ෂ ට ආත්මාර්ථයක්‌ තිබේද නැද්ද යන්න විවාදයට තුඩු දෙන කරුණකි. ඔහුට අනුව ඔහු එක්සත් ජාතික පක්ෂයට බැඳුනේ රනිල් වික්‍රමසිංහ ගේ ඉල්ලීමටය

“2010 දී රනිල් වික්‍රමසිංහ මහත්තයා දිගින් දිගටම කරපු ඇවිටිලි නිසා මම නැවත දේශපාලනයට ආවා. එයා දීපු ජාතික ලැයිස්‌තුව එපා කියලා ජනතාවගේ කැමැත්ත වෙතොත් විතරයි මම දේශපාලනය කරන්නේ කියලා මහරගමින් තරග කළා. මහරගම කියන්නේ දැඩි වාමවාදී නැඹුරුවක්‌ තියෙන ආසනයක්‌. නමුත් මිනිස්‌සු මට ඡන්දෙ දුන්නා. මම නිවැරැදි දේ, හරි දේ පමණයි කරන්නේ කියන විශ්වාසය ඔවුන් තුළ තියෙනවා.”

ආණ්ඩුව අර්බුදයට ලක්ව තිබෙන බව ඔහු පිළිගනී
“ඇත්ත… මේවා අර්බුද තමයි අපි කිසිම වෙලාවක අර්බුදයට හේතුව හොයාගෙන ඒ හේතුවට පිළියම් හොයලා නැහැනේ. මම කියන්නේ හේතුවටයි පිළියම් සොයන්න ඕන, අර්බුදයට නොවෙයි”.

“ඔහුට අනුව අර්බුද සම්භාරයට ප්‍රධානම හේතුව තමයි රටට ඔරොත්තු නොදෙන ‘නාගරීකරණය’. ඒ බව කියන්නේ වලස්මුල්ලේ සිට කොළඹ
පැමිණි විජේදාස රාජපක්ෂයි.

ආණ්ඩුවේ දුෂණ ගැනත් ඔහු විරෝධය පල කරයි
“සමහර දේවල් ගැන අපි වුවමනාවට වඩා බලාපොරොත්තු තියනවා වැඩියි. නමුත් අපි පතන සේවාව වෙන්නේ නෑ. ඒ වගේ තැනක්‌ තමයි ඔය බී. ඕ. අයි. එක. මම මේ ළඟදී කිව්වා ඕක වහලා දාන්න කියලා. ඒකෙන් රටට වෙන සේවාවට වඩා විනාශය වැඩියිනේ. අද රටේ තියෙන තරමක්‌ ගණිකා නිවාස, මසාඡ් ක්‌ලීනික්‌, කැරෝකේ, සූදු පොලවල් තියෙන්නේ බී. ඕ. අයි. ඇපෲඩ් කියන බෝඩ් එක යටතෙනේ. බී. ඕ. අයි. ඇපෲඩ් ආයතන වලින් බදු සහන සහිතව සත්ව ආහාර කියලා ගේන මුං ඇට, කව්පි, කඩල අදටත් මිනිස්‌සුන්ට කන්න දෙන බව අපි දන්නවා. ගේන්නේ ඌරන්ට හරක්‌ට කන්න දෙන්න. දෙන්නේ මිනිස්‌සුන්ට. ගෙවල් 500 ක්‌ හදන්න බී. ඕ. අයි. අවසර අරන් බදු සහන යටතේ සිමෙන්ති ටයිල් බාත්රූම් ෆිටින්ස්‌ හා අනෙත් උපකරණ ගෙන්නන එකා හදන්නේ ගෙවල් 100යි. ඉතිරි බඩු ටික කෝටි ගණන් ලාභවලට පිටට විකුණනවා.”

සාමුහික වගකීම
මම හම්බන්තොට වරාය මේ විදියට බදු දෙන එක ගැන විරුද්ධයිමමත් කැබිනට්‌ ඇමැතිවරයෙක්‌. සාමුහික වගකීම කියන මුකවාඩමෙන් මගේ කටත් බැඳලා තියෙන්නේ. ඔහුට ආර්ථික බරින් පීඩිත සිටින ආණ්ඩුවට ලැබෙන ඩොලර් බිලියන 1.1 සොච්චමකි.

“අපේ රට මේ වන විට ඩොලර් බිලියන 78 ක්‌ ණයයි. මේ වරාය දීමෙන් අපිට ඩොලර් බිලියන 1.1 ක්‌ ලැබිලා එය ණයෙන් කැපී ගියොත් තව බිලියන 77 ක්‌ තියෙනවා ගෙවන්න. ඒවා ගැන නම් සැලසුමක්‌ තවම නැහැ. ඒක මම පෙන්නලා දුන්නා. දෙවැනි එක මේක ආර්ථික මර්මස්‌ථානයක්‌. ආර්ථිකයට වඩා මේක දේශපාලනමය කේන්ද්‍රස්‌ථානයක්‌. ලෝක දේශපාලනය කළඹන්න පුළුවන් තැනක්‌. මේ තුළ අපිට ඉදිරියේදී හතුරෝ හැදෙන්න පුළුවන් ඉන්දියාව වගේ. ඒ වගේම මම පෙන්නලා දුන්නා මේ වරාය චීනය ගන්නේ දියුණු කරන්න. දියුණු කරලා නැව්වලට පහසුකම් සපයන ඒක එතනින් කළාම මොන නැවද ඊaට වඩා නාවික සැතපුම් 200 ක්‌ දුර ගෙවාගෙන කොළඹ වරායට ඇවිත් පහසුකම් ගන්නේ. ඒකෙන් කොළඹ වරායට තියෙන අවදානමත් මම පෙන්නලා දුන්නා. කොළඹ වරායේ දකුණු ජැටිය චීන්නු එයාලයි වියදමෙන් හදලා අවුරුදු 25 න් අපිට බාරදීලා යනවා. අපි හම්බන්තොට වරාය ණය අරන් හදලා සුළු ප්‍රතිලාභයකට අවුරුදු 99 කට චීනෙට දෙනවා. මොන තරම් විහිළුවක්‌ද.”

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.