විජයකලා ඇප මත නිදහස්

සංවිධානාත්මක අපරාධ විමර්ශණ කොට්ඨාශ්‍ය මගින් අද (08) අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය කොටුව  මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනුතුරුව ලක්ෂ 5 ක ශරීර ඇපයක්  මත නිදහස් කර තිබේ. 

‘දෙමළ ජනතවාගේ නිදහස වෙනුවෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත ගොඩ නැගිය යුතුයි’ යනුවෙන් විජයකලා මහේෂ්වරන් මහත්මිය යාපනයේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සංවිධානාත්මක අපරාධ විමර්ශණ කොට්ඨාශය විසින් ඇයව අද කැඳවා තිබුණි. එසේ ගිය අවස්ථාවේදී විජයකලා මහේෂ්වරන් මහත්මියව අත්අඩංගුවට ගනු ලැබීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.