විජයකලා පහරදීමක් වැලක්වුවා පමණක්ද?

vijayakalaයාපනයේ ශිවයෝගනාදන් විද්‍යා ඝාතන සිද්ධියට තමාද සම්බන්ධ බවට චෝදනා කරමින් ගම්වාසීන් තමන් විදුලි කණුවක බැඳ පහරදීමේදී තමාව බේරාගත්තේ ඇමැතිනී විජයකලා මහේෂ්වරන් යැයි ඝාතන සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වන මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ සාක්කි දෙමින් සදහන් කළේය. ගම්වාසීන්ගෙන් බේරා ගත් තමන්ව තම පවුලේ අයට භාරදෙන තෙක් දෙපැයක කාලයක් ඇය තමා ළඟ සිටි බවද ස්විස්කුමාර් පවසයි.

යාපනයේ පුංකුඩිතීව්හි පදිංචි ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනය කිරීමේ නඩු විභාගයේ විත්තියේ සාක්කි විමසීම් පෙරේදා (29)වනදා මහාධිකරණ විනිසුරුවරුන් වන බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන්, අන්නාලිංගම් පේ‍්‍රමශංකර් සහ මානික්කවාසගර් ඉලංචේලියන් යන විශේෂ ත‍්‍රිපුද්ගල විනිසුරු ම`ඩුල්ල ඉදිරියේ යාපනය මහාධිකරණයේදී සිදුකෙරිණි.
පුංකුඩිතීව් පාලම අවසන් වන වේලනෙයි ප‍්‍රදේශයේදී මහජනතාව වටවෙලා උඹ තමයි විද්‍යා සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ශෂීගේ අයියා කියල මට පහර දුන්නා. මාව විදුලි කණුවක බැඳලයි ඔවුන් පහර දුන්නෙ.

ඒ අවස්ථාවේදී විජයකලා මහේෂ්වරන් ඇමැතිවරිය එතනට සිය වාහනයෙන් ආවා. ඒ කාලෙ ඇය කවුද කියලවත් මම හ`දුනන්නෙ නැහැ. ඇය ඇවිත් ජනතාවගේ පහරදීම්වලින් මාව බේරාගත්තා. මාව විදුලි කණුවෙ ගැටගහල තිබුණ ගැට ඇය විසින්ම ලිහා දමල ඔයා ශෂිගේ අයියද කියල මගෙන් විමසුවා. මම ඇයට ඔව් කියල පිළිතුරු දුන්නා.

දෙවසරකට කලින් වුණ සිද්ධිය ගැන දැන්නෙ නඩුව පටන්ගෙන මගෙන් ප‍්‍රශ්න කරන්නෙ. ජනතාව අතරින් මාව බේරාගත් විජයකලා මාව මගේ පවුලේ අයට භාර දෙන්න උත්සාහ කළා. ඒ වෙනකොට වේලනෙයි බස් රියැදුරෙකු මේ ගැන මගේ පවුලෙ අය දැනුවත් කරල තිබුණා. පසුව පුංකුඩිතීව්වල ඉ`දන් මාව එක්කන් යන්න මගේ බිරි`ද, මව සහ ඥාතීන් කිහිප දෙනෙක් පැමිණියා. ඒ රාත‍්‍රී 11ට විතර. විජයකලා මහේෂ්වරන් එතන ඉ`දන් පිටව ගියේ ඉන් පසුවයි යැයිද ස්විස් කුමාර් සාක්කි දුන්හ.

 

පුද්ගලයෙකුට පහර දෙන විට මහජන නියෝජිතවරියක් එතැනට පැමිණ ඔහුව බේරා ගැනීම වරදක් නොවේ. නමුත් ගැටළුව වන්නේ ඉන් අනතුරුව නීතිමය ක්‍රිය මාර්ග ගැනීම

සම්බන්ධයෙන් ඇය කුමක් කළේද යන්නයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.