විජයග්‍රහණයේ සැමරුම් පෙළපාළිය රණවිරු සැමරුම වූ හැටි

 

 

 

download (12)

“සැප්තැම්බරයේ අලූත් පාර්ලිමේන්තුවක් බදාදා මාධ්‍ය ප්‍රධානීන් හමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බවට සහතිකයක් දුන්නේය. එ් නිසා පාර්ලිමේන්තුව ජුනි මස මුල විසුරුවා අගෝස්තු අග මහ ඡන්දය පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇත. එ් නිසා විවිධ දේශපාලන පක්‍ෂ හා දේශපාලනඥයන්ගේ හැල හැප්පීම්වලට තවත් කාලයක් ඉන් උදාවනු ඇත. ජනතාවට ඡන්ද බලයෙන් රට කොතැනකටදැයි තීන්දු කිරීමටද මෙය මහඟු අවස්ථවක් වනු ඇත.

මෙසේ තිබියදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් අඟහරුවාදා මාතර සමුද්‍ර මාවතේ පැවැති ජාතික රණවිරු සැමරුමට එක්වූයේය. මෙදින පැවැති උත්සවයට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැමිණෙන බව කලින් තහවුරු කර නොතිබිණි. එ් නිසා ඔවුන්ගේ නම් උත්සව න්‍යාය පත්‍රයට පවා ඇතුළත්ව තිබුණේ නැත.

එසේ තිබියදී හිටපු ජනාධිපතිනිය මාතර පැවැති රණවිරු සැමරුමට එක්වූවාය. ඉන් මොහොතකට පසුව සරත් ෆොන්සේකා මහතාද එතැනට පැමිණියේය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණියේ ඉන් අනතුරුවය. මෙවර විශේෂත්වයක් වූයේ එතෙක් පැවැති විජයග්‍රහණයේ සැමරුම් පෙළපාළිය වෙනුවට රණවිරු සැමරුම් පෙළපාළිය යනුවෙන් මෙම උත්සවය නම් කිරීමයි.

ඇමැති මංගල සමරවීර මහතා, මෙම  නම වෙනස් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යැයි ප්‍රසිද්ධියේ පවසා තිබීම නිසා, එ් ගැන උත්සවයට කලින් විවිධ තැන්වල කසු කුසු පැවැතිනි. නමුත් සැමරුම් පෙළපාළිය ඇමතූ ජනාධි මෛත්‍රීපාල සිරිසේන මහතා කවුරු මොනදේ කීවද යළිත් මේ රටේ ත්‍රස්තවාදයක් ඇතිවීමට කිසිසේත් ඉඩ තබන්නෙ නැතැ යැයි කීවේය.

ආරක්‍ෂක අංශවල අභිමානය විදහාපාමින් පැවැති පෙළපාළියේ ආබාධිත රණවිරුවන් ගමන් කළ අවස්ථාව ඉතා සංවේදී වූ අතර ජනාධිපතිවරයා ඇතුළු සියලූම ප්‍රභූන් තමන් අසුන්ගෙන සිටි අසුන්වලින් නැගිට ඔවුන්ට ආචාරය පුද කළහ.

මෙම උත්සවයට යෙදූ නමේ වෙනසත්, රජයේ ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවැසූ පරිදි යුද ජයග්‍රහණය නෙමෙයි බෙදුම්වාදය පරාජය කිරීම සහ මියගිය සියලූ දෙනා සමරනවායැයි කී කතාවත් අගය කළ දෙමළ ජාතික සන්ධානයේ ආර්. සම්බන්ධන් ඇතුළු ටී.එන්.එ් මන්ත්‍රී කණ්ඩායම මෙම සැමරුම් පෙළපාළිය වර්ජනය කළහ.

මේ අතර රණවිරු සැමරුම් පෙළපාළිය ජනාධිපතිවරයා සංහිදියාව ගැන කතා කරමින් සිටියදී රජයේ නාලිකාවක එම කතාව අතරමැද දුමින්ද සිල්වා අධිකරණය හමුවට යන ප්‍රවෘත්තියක් ප්‍රචාරය වී තිබිණි.

ජනාධිපතිවරයා මාතර සිට හෙලිකොප්ටරයට නැග පැමිණෙන අතරවාරයේ ජනාධිපති මාධ්‍ය අංශ ප්‍රධානියකු මේ බව ජනාධිපතිවරයා දැනුවත් කළේය. ඇත්තද ?… එ් මොකද එහෙම වෙලා තියෙන්නෙ. වහාම හොයලා බලලා… එ් ගැන පියවරක් ගන්න කියන්න යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

රණවිරු සැමරුම් පෙළපාළිය පැවැති දින සවස් වනතුරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිටියේ මාතර ප්‍රදේශයේය. ඇමැති මංගල සමරවීර මහතාගේ මාතර නූපේ පිහිටි මැතිවරණ සම්බන්ධීකරණ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවටද රනිල් වික්‍රමසිංහ මහතා එක්වූයේය.

කාර්යාලය විවෘත කිරීමෙන් පසු එහි සමරු සටහනක් තැබීමට අගමැති වරයාට ආරාධනා කෙරිණි. සාගල … මම කියන්නම් ඔයා ලියන්න යැයි කියූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ලවා සිය සමරු සටහන ලියෙව්වේය.

අනතුරුව මංගල සමරවීර මහතාගේ කාර්යාලයට ඇතුළු වූ අගමැතිවරයා එහි සිටි එජාප ආසන සංවිධායකවරුන් සහ මාධ්‍යවේදීන් සමග සිනාසෙමින් කතා බහට වැටුණේය.
මානව හිමිකම් කොමිෂන් සභාවෙන් දුන් බෑගයක් කර දමා සිටි මාධ්‍යවේදියෙකු දෙස බැලූ අගමැතිවරයා සිනාසෙන්නට වූයේය. කුමක් හෝ ගැටලූවක් ඇතැයි බියවූවකු මෙන් මාධ්‍යවේදියා බෑගය තම පිටුපසට ගෙනයමින් බෑගය සඟවා ගන්නට මෙන් සැරසුණේය.

මල්ලි. මල්ලි කලබල වෙන්න එපා. දැන් මානව හිමිකම් කැඩෙන්නෙ නැහැ. ඔයාලා  ඕන විධියට වැඬේ කරගන්න යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.
ඇමැති මංගල සමරවීර මහතා මෙම හමුව අමතමින් සිටියදී අද මේ හමුවට සියලූ දෙනා පැමිණ සිටිනවා යැයි කියමින් මන්ත්‍රී බුද්ධික පතිරණ පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් අහන්න තියෙන නිසා යැයි කියමින් ඔහුගේ නොපැමිණීම ගැන කරුණු කියන්නට සූදානම් වූයේය.

මම එන්න එපැයි කිව්වා. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මංගලගේ කතාවට මැදින් එකතු වෙමින් කීවේය. එහෙනම් අගමැතිතුමාගේ උපදෙස් අනුව පාර්ලිමේන්තුවට ගොස් තිබෙනවා යැයි කියමින් මංගල එ් කතාව අවසන් කළේය.

අඟහරුවාදා කැබිනට් මණ්ඩල හමුව ජනාධිපති, අගමැති ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කර්යාලයේ පැවැත්විණි. මෙම හමුවේදී විශේෂයෙන් අවධානය යොමු කෙරුණේ රජයේ ඉදිරි වැඩපිළිවෙළ ගැනය. ඇතැම් ඇමැතිවරු මෙම හමුවට එක්වූයේ එදිනට පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇතැයි කුතුහලයෙනි. එසේ වුවද මහ මැතිවරණය ගැන එදින කිසිදු කතාවක් සිදුවූයේ නැත.

හදිසි වැඩක් ඇතැයි කී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කැබිනට් හමුව අතරමගදී නැගිට ගියේය. ඉන් මඳ වේලාවකට පසු කැබිනට් හමුව නිමාවට පත්වූයේය.

කැබිනට් හමුව නිමවා පැමිණෙමින් සිටි අමාත්‍ය ගයන්ත කරණාතිලක මහතා ඇමැති සරත් අමුණුගම මහතාගෙන්… සර්. දැන් 20ට මොකද වෙන්නෙ යැයි ඇසුවේය.
දෙන්නා කතා කරගෙන තීන්දුවක් අපට කියාවි යැයි සරත් අමුණුගම මහතා ගයන්ත කරුණාතිලක මහතාට කීවේය.

මේ අතර බදාදා කොටුව ජනාධිපති මන්දිරයේදී මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හිමිකරුවන්, පුවත්පත් කතුවරුන් හා විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් අතර හමුවක් පැවැත්විණි.

මාධ්‍ය ප්‍රධානීන් මෙහිදී කාලීන ප්‍රශ්න ගණනාවක් ජනාධිපතිවරයාට යොමු කළේය. මහ බැංකු අධිපතිවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් නිකුත් කළ කමිටු වර්තාව සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන ප්‍රධානියකු ජනාධිපතිවරයාගෙන් තොරතුරු විමසුවේය.
වාර්තාවේ දී තිබෙන නිර්දේශවලට අනුව , මගේ නිලධාරින් සමග එ් සම්බන්ධයෙන් සොයා බලනවා යැයි ජනාධිපතිවරයා කීවේය.

එවර තවත් ප්‍රශ්නයක් යොමු වූයේ ජනවාරි 08 සිදුවායැයි කියන කුමන්ත්‍රණය ගැනය.
එ්කට කුමන්ත්‍රණය කියන නම භාවිත කිරීම අසීරුයි. ඇදිරි නීතිය දමලා ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් නොකර සිටීමට ගත් වෑයමක් ගැන මේ දක්වාම පරීක්‍ෂණ පැවැත්වෙනවා යැයි ජනාධිපතිවරයා කියා සිටියේය.

20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් මේ සතිය තුළ තීන්දුවක් ගන්නා බව ජනාධිපතිවරයා මෙම හමුවේදී සඳහන් කළේය.

ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයට නාගරික සංවර්ධනයට අදාළ සියලූම නිලධාරින් කැඳවා තිබිණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම කැඳවීම කර තිබුණේ කොළඹ නගරයේ පසුගිය කාලය තුළ සිදුකළ සංවර්ධන ව්‍යාපෘති ජරාවාස වී ඇති බවට ලද ඡයාරූප සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ගයක් ගැනීමටය.

දියත උයන ඇතුළු කොළඹ ලස්සන කළ ව්‍යාපෘති නොසලකා හැරීම නිසා ජරාවාස වී ඇති බව දුටු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නාගරික සංවර්ධන අමාත්‍ය රාවුෆ් හකීම්ට එ් ගැන දොස් කීවේය.

මේ දේවල් සතියක් ඇතුළට තිබුණ තත්ත්වයට ගේන්න යැයි ජනාධිපතිවරයා ඇමැති රාවුෆ් හකීම්ට උපදෙස් දුන්නේය.

මගේ අතින් අතපසුවීමක් වෙලා තියෙනවා. එය නිවැරදි කරන්නම් සර් යැයි රාවුෆ් හකීම් අමාත්‍යවරයා ජනාධිපතිවරයාට පොරොන්දු වූයේය.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විහාරමහදේවි එළිමහන් රංග පීඨයේදී සඳුදා රණවිරුවන් සිහි කිරීමේ නිදහසේ පහන් වැට සමරු උළෙල පැවැත්විනි.

සමරු උළෙලට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පිළිගනු ලැබුවේ හසලක ගාමිණී කුලරත්න රණවිරුවාගේ මෑණියන් විසින්ය.

ඕනේ නම් මගෙන් පළිගන්න. මාව විවේචනය කරන්න. අවලාද නගන්න. තවත් මදිනම් හිරෙත් යවන්න කියලා මේ ජාතියේ විජයග්‍රහණය වළක්වන්න කටයුතු කළ අයට කිව යුතුයැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහත මෙම සැමරුම් උළෙලේදී කීවේය.

මේ අවස්ථාවේදී පැමිණ සිටි පිරිස කෑ ගසමින් ඔබතුමා හිරේ දාන්න දෙන්නෙ නැහැ. අපි මරාගෙන මැරෙනවා යැයි කෑ ගසමින් කීහ. ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් රැසක්ම මෙම අවස්ථාවට එක්ව සිටියහ.

හිටපු ජනාධිපතිවරයා රණවිරුවන් සිහි කරමින් පහනක් දැල්වූ අතර පසුව අතට පහනක් ගෙන පැමිණි සියලූ දෙනා සමග රණවිරුවන් සිහි කළේය.

දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මනූෂ නානායක්කාර, ඇතුළු මන්ත්‍රීවරු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අඟහරුවාදා කඹුරුපිටිය සපුගොඩ ඉලංගම්ගොඩ පුරාණ විහාරස්ථානයේ පැවැති ආගමික උත්සවයකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එක්ව සිටියේය.
මෙම උත්සවය සංවිධානය කර තිබුණේ ශ්‍රී රෝහණ සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පණ්ඩිත  ඕමාරේ කස්සප හිමියන් රෝහණ පාර්ශ්වයේ අනුනායක ධුරය පිරිනැමීම නිමිති කොට උන්වහන්සේ පිළිගැනීම සඳහාය.

එදා ත්‍රස්තවාදය අවසන් කළත් අදවනවිට කොටි කොඩිය ඔසවන්න උතුරේ යම් යම් පුද්ගලයන් කටයුතු කරලා තියෙනවා. මෙවැනි තත්ත්වයක් දක්නට ලැබීම අපේ අවාසනාවක් කියලා හිතෙනවා යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙම උත්සවය අමතමින් කීවේය.

දැන් ගෝඨාභය වෙනුවෙන් පිරිත් කියන හාමුදුරුවන්ටත් වරෙන්තු නිකුත් කරනවා යැයි මහින්ද රාජපක්‍ෂ මහතා මෙම හමුවේදී පැවැසීය. මේ අතර ඊයේ පදියතලාව පදියfදාර බෝ සමි`දුන් අබියස පැවැති විශේෂ ආගමික වතාවත්වලට එක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බෝ සමි`දුන්ට බාරයක් වෙමින් පඬුරක්ද ගැට ගැසුවේය.

මේ අතර විපක්‍ෂ නායක කාර්යාලයේදී පසුගිය සඳුදා මාධ්‍ය හමුවක් පැවැත්විණි. විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහිදී අදහස් දක්වමින් සිටියේය. නිමල් සිරිපාල ද සිල්වා මහතා ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව අගය කරමින් කතා කළේය.

එකවරම ජාතික පුවත්පතක් අතට ගත් විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා අද අධිකරණයේ ස්වාධීනත්වය ගැන අතිගරු ජනාධිපති මහින්ද , අතිගරු මහින්ද…. නෑ අපේ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැහැදිලි ප්‍රකාශයක් කර තිබෙනවා යැයි කීවේය. හිටපු ජනාධිපති මහින්ද මහතාත් එ් ගැන කියලා තියෙනවා යැයි නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුව කීවේ තමන්ට වූ නම් පටලැවිල්ල එ් මොහොතේම නිවැරදි කරමිනි.

බදාදා පාර්ලිමේන්තු රැස්වීම අතරවාරයේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා හදිසියේම සභා ගර්භය මැදින් ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී ආසන පනවා ඇති දෙසට ගියේය. එසේ ගොස් කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට කිසියම් රහසක් කීවේය.

මේ කතාව සිදුවනවිට මූලාසනයේ සිටියේ ආර්. යෝගරාජන් මන්ත්‍රීවරයාය. මන්ත්‍රීතුමා … ඔබතුමා ආණ්ඩු පක්‍ෂයට මාරු වූ මන්ත්‍රීවරයකු ලෙස සැලකීමට සිදුවනවා යැයි කෙහෙළිය දෙස බලමින් යෝගරාජන් මන්ත්‍රීවරයා කීවේය.

එ් වනවිටත් සිදුවූ වැරැද්ද පෙන්වීමට පාර්ලිමේන්තු  සේවකයකුද කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිටි තැනට පැමිණ සිටියේය.

මට ඇමැතිතුමාට වැදගත් කාරණයක් කියන්න තිබුණා. තිබුණු හදිස්සියට මම එ් පැත්තට යැවුණා. මට සමාවෙන්න යැයි කී කෙහෙළිය රඹුක්වැල්ල මහතා විපක්‍ෂයේ සිය අසුන වෙත පැමිණ වාඩි වූයේය.

එදින එ්කාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු විපක්‍ෂ ලොබියේ කිසියම් සාකච්ඡාවක නිරතවෙමින් සිටියහ. දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, සාලින්ද දිසානායක ඇතුළු මන්ත්‍රී පිරිසක් ඊට එක්ව සිටියහ.

ඔවුන් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර තිබුණේ කථානායක චමල් රාජපක්‍ෂ මහතාගේ තීන්දුවක් සම්බන්ධවය.  එ් අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය සහ ඇමැති රවී කරුණානායක සම්බන්ධ විශ්වාස භංග යෝජනා විවාදයට ගැනීමට පෙර එම යෝජනාවේ අඩංගු කරුණු සලකා බැලීමට විශේෂ කාරක සභාවක් පත් කළ යුතුය යනුවෙන් දුන් තීන්දුව ගැනයි.

කථානායකවරයාගේ ක්‍රියාකලාපය ගැටලූ සහගත යැයි එතැන සිටි මන්ත්‍රීවරයෙක් කීවේය.

අපි අගමැතිවරයාට විරුද්ධව විශ්වාස භංගය ගේන්න  ඕන යැයි දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පැවැසීය.

නියෝජ්‍ය අමාත්‍ය නෙරංජන් වික්‍රමසිංහ මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා පැමිණි ආර්.ඞී. විමලදාස මහතාගේ පළමු පාර්ලිමේන්තු දිනය වූයේද එදිනය. එ්කාබද්ධ විපක්‍ෂයේ සාකච්ඡාවට යමින් සිටි වීරකුමාර දිසානායක මහතාට විපක්‍ෂ ලොබියේදී විමලදාස මන්ත්‍රීවරයා හමුවූයේය.

යමු හොඳ වැඩක් තියෙනවා යැයි විමලදාස මන්ත්‍රීවරයාගේ කරට අත දාගත් වීරකුමාර මන්ත්‍රීවරයා අදාළ හමුවට එක්වූයේය. පාර්ලිමේන්තුවට පැමිණි පළමු දිනයේදීම එ්කාබද්ධ විපක්‍ෂයේ හමුවකට එක්වීම විමලදාස මන්ත්‍රීවරයාගේ මංගල කටයුත්ත වූයේ එලෙසය.

මහින්දානන්ද අලූත්ගමගේ මහතා මෙම හමුවට යමින් සිටියදී මුහුණට මුහුණ හමුවූයේ අනුර කුමාර දිසානායක මහතාය.

ආ…. අනුර…. යැයි කී මහින්දානන්ද අනුර කුමාර දිසානායකගේ කරට අත දමා ගත්තේය.

ඔයාලා… පොලිස් මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාසය අහෝසි කරන්න කතා කරනවා. ඔය ඔයාලා විරුද්ධ කැබිනට් අනු කමිටුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් වාඩිවෙලා තියෙනවා යැයි අනුර කුමාර දිසානායක මහින්දානන්දට කියමින් සිනාසුනේය.

ආ…. ඇත්තද ? අනුර යැයි ඇසූ මහින්දානන්ද අලූත්ගමගේ මහතා…පුදුමයෙන් මෙන් එ් ගැන විමසිලිමත්වෙද්දී අනුර එ් ගැන තවත් තොරතුරු කීම නවතා දැමුවේය.
ඔවුන් එ්කාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රී සාකච්ඡාව තිබෙන තැන පසු කර යමින් සිටියදී මහින්දානන්ද අලූත්ගමගේ මහතා … වදෙන් පොරයෙන් අනුර අනුර අර කතාව මෙතනට කියලා යන්නකෝ යැයි කීවේය. අනුර සිනාසෙමින් එතැන මගහැර ගියේය.

ඊයේ පෙරවරුවේ 50කගෙන් පමණ සමන්විත වූ අමුත්තන් පිරිසක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට ගොඩවැදුණේ අනපේක්ෂිතවය. සියලූදෙනා  අතේ කැවුම්, කෙසෙල්, අග්ගලා, පැණිවළලූ, ආදි ලෙස රසකැවිලි වට්ටි පෙට්ටි වූහ.

උඩහොරොම්බුවේ සීවලී හිමියන්ගේ මඟ පෙන්වීම හා නායකත්වයෙන් පැමිණි මෙම පිරිස දුටු කරු ජයසූරිය ඇමැතිවරයා, “මොකද මේ කදමලූ බැඳගෙන මාව හමුවෙන්න ආවේ,□ යැයි විමසීය.

“සර් අවුරුදු 800 කට පස්සේ ලංකාවේ ලොකුම සෙල් පිළිමය රිදීගම රම්බොඩගල්ලේ නිර්මාණය කරන්නට පුරෝගාමි වුණ පිළිම නිර්මාණ කමිටුවේ සභාපති හැටියට ඔබතුමා කරපු කාර්යභාරය අතිවිශිෂ්ටයි. අපි වෙනුවෙන් යමක් කරපු කෙනෙකුට මේ විදිහට ඇවිත් ස්තූති කරන එක සත්කෝරලේ අපේ ඉපැරණි සම්ප්‍රදායක්.ඒක නිසයි ඔබතුමා බැහැදකින්න ආවේ,□ යැයි ඔවුහූ පැවසූහ.

පිළිම ඉදිකිරීම් කමිටුවේ නියෝජ්‍ය සභාපති එඞ්වඞ් එදිරිසූරිය මහතාද සමගින් පැමිණි මේ පිරිස සමග සෑහෙන වේලාවක් කතා බහ කළ ඇමැතිවරයා ඔවුන්ගේ කෘතවේදීභාවය අගය කළේය.

මේ අතර ජවිපෙ විල්පත්තු අභය භූමියේ වන සංහාරය සොයා බැලීමට කළ සංචාරයෙන් පසුව ශ්‍රී ලංකා මුස්ලිම් සභාව මේ සංචාරය පිළිබඳව සඳහන් කරමින් ජවිපෙ නායක අනුර දිසානායකට ලිපියක් යොමු කළේය.

එම ලිපියෙන් කියැවුණේ ජනතා විමුක්ති පෙරමුණ සිංහල අන්තවාදීන් විසින් ගෙන ගිය මතයට නොමග ගොස් ඇති බවත් විල්පත්තු සංචාරය කළේ ඒ නිසා බවත්ය. මේ නිසා මුස්ලිම් සභාව වෙත පිළිතුරු ලිපියක් යොමු කිරීමටද ජවිපෙ නායක අනුර දිසානායක කටයුතු කළේය.

එසේම කිසිදු විටක අප ප්‍රශ්න දෙස බලද්දී ජාතිවාදී පදනමක් මත පිහිටා කටයුතු නොකරන බවත් සියලූ ලාංකේය ජනතාවගේ සමාන අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බවත් අපි වැඩිදුරටත් අවධාරණය කරමු. යැයි අනුර කුමාර දිසානායක මුස්ලිම් සභාවට යැවූ පිළිතුරු ලිපියේ අවධාරණය කළේය.

මේ අතර පසුගිය බදාදා යාපනය ප්‍රදේශයේ ඇතිවූ හර්තාලය සම්බන්ධයෙන් ජවිපෙ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළේය.
පාසල් සිසුවියක් දූෂණය කර මරාදැමීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ තරුණයින්ට දඩුවම් ලබාදීමට බලකරමින් හර්තාල් ව්‍යාපාරය පැවැත්විණි.

“යාපනය සිදුවීම ජාතිවාදී පැත්තකට හැරෙන්නත් පුළුවන්. සමහරු විවිධ කටකතා හදනවා. ඒ නිසා ඒ ගැන පාර්ලිමේන්තුවේ අවධානය යොමුකරවන්න පුළුවන්නම් හොඳයි.□ රාමලිංගම් චන්ද්‍රසේකර් සුනිල් හඳුන්නෙත්තිට දුරකතන ඇමතුමක් ලබාදුන්නේය.

හඳුන්නෙත්ති මේ ගැන පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළේ එ් අනුවය. “මේ සිදුවීම සමහරු ජාතිවාදී විදියට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම උත්සාහයක් තියෙන බවත් අපිට පේනවා. නීතිය ක්‍රියාත්මක කරන්න රජය කටයුතු කරන්න  ඕනෑ. නීතිය අතට ගන්න ජනතාවට ඉඩ දිය යුතු නැහැ. පොලිසිිය පොලිසියේ වගකීම හරියට ඉටුකරන්න  ඕනෑ. ඒ නිසා ආණ්ඩුව මේකට මැදිහත්විය යුතුයි□ සුනිල් හඳුන්නෙත්ති අවධාරණය කළේය.

මේ අතර විජිත හේරත් පාර්ලිමේන්තු සභාගැබෙන් පිටතට පැමිණෙමින් සිටින අතරතුර කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා මුහුණට මුහුණ හමුවිය.

“යාපනයේ මොකක් හරි කලබලයක් නේද? මොකක්ද දන්නේ නෑ තත්ත්වේ□ කෙහෙළිය විජිත හේරත්ගෙන් විමසුවේය. “ඔව් සිද්ධියක් ගැන මටත් ආරංචියක් ආවා.□ විජිත කීවේය.
“මට ආරංචියක් ආවා යාපනයේ පැත්තේ සිංහල මිනිස්සු බස්වලින් බස්සලා ආපහු එවනවා කියලා. ඒක ඇත්තක්ද?□ කෙහෙළිය නැවතත් විජිතගෙන් විමසුවේය.
“එහෙම එකක් ගැන නම් මට ආරංචි වුණේ නැහැ.□යැයි විජිත  හේරත් පිළිතුරු දුන්නේය. එ් අතර කෙහෙළිය එතනින් නික්ම ගියේය.

මේ අතර පසුගිය බදාදා දිනයේ පාර්ලිමේන්තුවේ සාකච්ඡාවකට සහභාගිවී සාකච්ඡා කාමරයෙන් එළියට පැමිණෙමින් සිටි විජිත හේරත්ට කතානායකවරයා මුණ ගැසුණේය.
“මන්ත්‍රීතුමා ඔබතුමාලාගේ නියෝජිතයා නම් කරලා එවන්න ව්‍යවස්ථාදායක සභාවට. එහෙම වුණොත් සිකුරාදා අපිට ව්‍යවස්ථාදායක සභාව නම් කරලා අවසන් කරන්න පුළුවන්.□ කතානායකවරයා කියා සිටියේය.

“අපි හිතුවේ ඒ නියෝජිතයා පත්කරන්න අයිතිය තිබෙන්නේ ටී.එන්.ඒ එකට කියලා. අපි ටී.එන්.ඒ එකත් එක්ක සාකච්ඡා කරලා ඉක්මනටම නියෝජිතයා නම් කරලා එවන්නම්.□ විජිත හේරත් කතානායකවරයාට පොරොන්දු විය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ විසින් නව මැතිවරණ ක්‍රමයක් සඳහා යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.

ජවිපෙ ස්ථාවරය වී ඇත්තේ නව මැතිවරණ ක්‍රමයෙන් ජනතා කැමැත්ත සාධාරණව පාර්ලිමේන්තුවේ පිළිබිඹු විය යුතු බවත් මනාප ඡන්ද ක්‍රමය අහෝසි කළ යුතු බවත්ය.

මේ අතර ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා අඟහරුවාදා මරදානේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූවේය. ඔහු මේ හමුවට පැමිණියේ ලංකා පුවත්පතේ කර්තෘ ප්‍රියන්ත කරුණාරත්න සහ ලංකා තැපැල් සේවක සංගමයේ සභාපති ජයන්ත විජේසිංහ සමගය.

තව මාස එක හමාරක් තුළ අපේ අලූත් පක්‍ෂය එළියට එනවා යැයි සෝමවංශ අමරසිංහ මහතා මෙම හමුවේදී කීවේය.

දැන් මට ලෙඩෙක් පිස්සෙක් කියලා අපහාස කරනවා. ජවිපෙ දේශපාලන මණ්ඩලයේ උදේට ව්‍යායාම කරන අය ඉන්නෙ මම ඇරුනම තව එක්කෙනයි.මට ඔය  ඕන කෙනෙක් එන්න. මට  ඕන කෙනෙක් එක්ක  ඕන දුරක් ඇවිදින්න  පුළුවන්. පුළුවන්නම් මාත් එක්ක සිංදු කියලා බලමු විහිළු කරලා බලමු යැයි  සෝමවංශ අමරසිංහ මහතා කීවේය.

ජනතා විමුක්ති පෙරමුණ අලියගෙ බෙල්ලෙ එල්ලපු සීනුව වගෙයි. දැන් ජවිපෙ නායකත්වය සහ නායකත්ව මණ්ඩලය ඉවත් වෙලා නව නායකත්ව මණ්ඩලය පත්කර ගැනීම පක්‍ෂ නායකත්වය පැවරිය යුතු බව සඳහන් කළේය.

මේ අතර පාර්ලිමේන්තුවේදී පෙරේදා දිනයේ මහ බැංකු අධිපති සම්බන්ධයෙන් නිකුත් වූ වාර්තාව සම්බන්ධයෙන් මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ඊයේ නැවතත් විවාදයක් ඉල්ලා සිටියේය.

එහෙම විවාදයක් දෙන්න බැහැ. එ්ක කතානායක තීන්දුව අබිබවා යාමක් යැයි ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා නැගිට කීවේය.

මේ අවසරයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නැගිට අදාළ වාර්තාවේ සඳහන් කරුණු කිහිපයක් සභාවට යොමු කරන්නට වූයේය.

වාසුදේව නානායක්කාර මහතා රීති ප්‍රශ්නයක් යොමු කළේ මේ අවස්ථාවේදීය.
ඉඳගන්නවා. ඉඳගන්නවා යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වාසු නතර කළේය.
අපි මන්ත්‍රීතුමා කියන්නෙ මොකද්ද කියලා බලමුයැයි කථානායකවරයා පැවසීමත් සමග මයික්‍රෆෝනය වාසුට ලැබිණි.

එ් වනවිටත් තමුසෙ වාඩි වෙනවා. යැයි අගමැතිවරයා වාසුට  කීවේය.

තමුසෙ කවුද මාව වාඩි කරන්න. වාසු රනිල්ට කීවේ දැඩි ආවේගශීලීවය
ඊට මැදිහත්වූ කථානායක චමල් රාජපක්‍ෂ මහතා, ගැලරියේ පාසල් ළමුන් ඉන්නවා. මන්ත්‍රීවරු මීට වඩා සංවරව හැසිරිය යුතු බව කීවේය.

එ් අවසරයෙන් අජිත් කුමාර මන්ත්‍රීවරයා නැගිට තවත් රීති ප්‍රශ්නයක් යොමු කළේ මුලින්ම අගමැතිවරයාට දැන් වාඩි වෙන්නැයි ආයාචනාවක් කරමිනි. එ් වෙනතෙක්ම අගමැති හා වාසු අතර පටලැවිල්ල ඇවිළෙමින් තිබිණි.

අගමැතිගේ සහයට නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ සහ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර ද එක්ව සිටියහ. ඔවුහු වාසුට විවිධ ඇනුම් පද කීහ.

අජිත් කුමාර මන්ත්‍රීවරයාගේ ඉල්ලීමට අගමැතිවරයා අසුන්ගත් පසු ඔහුද විවාදයක් පැවැත්වූවාට කමක් නැතැයි කීවේය.

නැවතත් නැගී සිටි අගමැතිවරයා එදා හිටපු මහ බැංකු අධිපතිටත් චෝදනා තිබුණා. කවුරුත් කතා කළේ නැහැ. දැන් මහ ලොකුවට කට ගහනවා. ඊළඟ දවසෙ එනකොට රැවුල කපන් එන්න. එතකොට මොළේ පෑදේවි යැයි වාසු දෙස බලමින් කීවේය.

අඟහරුවාදා රාත්‍රියේ ඇමති එස්.බී දිසානායක මහතාගේ කොළඹ පිහිටි නිවසේ විශේෂ සාදයක් පැවැත්විණි. මහ ඉහළින් සංවිධානය වී තිබූ මෙම සාදයට ඇරයුම් ලබා සිටියේ ආණ්ඩු පක්‍ෂයට එක්වූ සියලූම ඇමැතිවරුන්ය. එය සංවිධානය කර තිබුණේද එස්.බී දිසානායක, මහින්ද අමරවීර ඇතුළු ඇමැති පිරිසකි.

මෙම හමුවට ඩිලාන් පෙරේරා, සී.බී රත්නායක සහ පවිත්‍රා වන්නිආරච්චි ඇමැතිවරු පැමිණියේ තරමක් ප්‍රමාදවීය. ඔවුන් සාදයට පැමිණෙන විටත් සාදය උච්චතම අවස්ථාවකට පැමිණ තිබිණි.

ඉස්සරහට වැඩකරන්න හැමෝටම ලක්‍ෂ 500 ගානේ ලැබෙනවා. තවත් දෑ ලැබෙනවා. එ් නිසා කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ යැයි එතැන සිටි ඇමැතිවරයෙක් අනෙකුත් මන්ත්‍රීවරුන්ට ඉදිරි වැඩපිළිවෙළ පැහැදිලි කළේය.

එම සාදයේ වැඩිපුර අවදානය යොමු වූයේ සී.බී, පවිත්‍රා, ඩිලාන් ඇතුළු පිරිසටය. විවිධ යෝජනා ඔවුන්ට ඉදිරිපත් වූයේය.

හොරු හොරු කියලා හැමෝම හිරේ දානවා. එක වැඩ පිළිවෙළක් නැහැ. මෙහෙම ගියොත් පක්‍ෂයට මොකද වෙන්නෙ යැයි ඇමැති සී.බී රත්නායක, එතැන සිටි ඇමැතිවරුන්ට සිය අදහස ප්‍රකාශ කළේය. ඩිලාන් පෙරේරා ඇමැතිවරයාද එය සනාථ කරමින් කරුණු ඉදිරිපත් කළේය. අපට මෙහෙම ගියොත් අයින් වෙන්න වෙනවා යැයි පවිත්‍රා වන්නිආරච්චි ඇමැතිවරිය කීවාය.

එසේ කී සී.බී. පවිත්‍රා සහ ඩිලාන් කල් තබා සාදයෙන් නික්මුනෝය. ඊයේ විපක්‍ෂ නායක කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට ඔවුන් සමග මහින්ද යාපා අබේවර්ධන මහතාද එක්ව සිටියේය.

අපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉල්ල අස්වීම සම්බන්ධ කරුණු ඇතුළත් පිටු පහක ලිපියක්ද යොමු කර තිබෙන බව ප්‍රකාශ කළ ඔවුහු සිය රාජ්‍ය අමාත්‍ය ධුරවලින් ඉවත්වන බව කීහ.

එදා සුදු වෑන් වලින් වුණාය කියන දේ දැන් සුදු පෑනෙන් වෙනවා යැයි අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා කීවේය.

අගමැතිතුමා දැන් සයිලන්ට් හිට්ලර් කෙනෙක් යැයි සී.බී රත්නායක මහතා සඳහන් කළේය.

අමාත්‍ය ධුරවලින් ඉවත්වීම සම්බන්ධයෙන් මොවුන් අවසන් වශයෙන් ප්‍රකාශ කළේ පළාත් පාලන ආයතන විසුරුවා හැර එජාපයට බලය ලැබෙන පරිදි නිලධාරි පාලනයකට යාම, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අගමැතිවරයා ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයකු ලෙස කටයුතු කිරීම ආදි කරුණුවලට එරෙහිව මෙම තීරණය ගත් බවයි.

කෙසේ වෙතත් මහින්ද රාජපක්‍ෂ මහතා සමග අත්වැල් බැඳගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්ව ශ්‍රීලනිපයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන බව අමාත්‍ය ධුර අතහැර යමින් පවිත්‍රා, ඩිලාන්, මහින්ද යාපා, සහ සීබී රත්නායක මන්ත්‍රීවරු කීහ.

 රමේෂ් වරල්ලෙගම

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.