විජය කලා කනු බැඳ සිටි ස්විස් කුමාර් මුදා හැරියේ අනුකම්පාවටද?

vijayakalaශිවයෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ ස්විස් කුමාර් ගම්වාසීන් විසින් විදුලිකනුවක බඳිනු ලැබ සිටිය දී ඔහුව මුදා හරින්නට මැදිහත් වේ ඇත්තේ ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියයි.

රටක ළමුන් රැකීම භාර ඇමතිනිය දැරියක් අමානුෂික ලෙස මර දැමීම සම්බන්ධයෙන් ජන සමුහයක්ම චෝදනා කරන පුද්ගලයෙකුට නිදහසේ ගැලවේ යන්නට ඉඩදී බලා සිටී.

පොලිසියට භාර නොදී ස්විස්ස්ව්ස්ස්වෙ කුමාර්වි මුදා හැරියේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන විමර්ශන ආරම්භ කරන ලෙස කයිට්ස් මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා දැන් රහස් පොලිසියට නියෝග කොට ඇත.

දැන් මේ ගරු ඇමතිතුමිය කුමක්කු කියාවිදැයි බලා සිටිමු. මේ සියල්ල යටපත් වන්නට ඉඩ තිබින. සියල්ල පත්තු වුනේ ලලිත් ජයසිංහ ඇත අඩංගුවට පත් වීමෙන් පසුවයි.

මහේස්ත්‍රාත්වරයා නියෝගය කළේ දැනට රිමාන්ඩ් බාරයේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ මහතාගේ නීතීඥවරුන් අධිකරණයේ කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගිනිමිනි. විද්‍යා ඝාතන නඩුවේ නව වැනි විත්තිකරු වන මහාලිංගම් ශෂී කුමාර් හෙවත් ස්විස් කුමාර් ගම්වාසීන් විසින් අල්ලා විදුලි කණුවක බඳිනු ලැබ තිබිය දී රාජ්‍ය ඇමැති විජයකලා මහේෂ්වරන් මහත්මිය පැමිණ ඔහු බේරාගෙන ගොස් ඇතැයි ද, ලලිත් ජයසිංහ මහතා ගැන විමර්ශන පවත්වන රහස් පොලිසිය ඇය ගැන විමර්ශනය කර නැතැයි ද ලලිත් ජයසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු අධිකරණයට දැන්වූහ. එම සිදුවීමට අදාල වීඩියෝපටයක් ද නීතීඥවරු අධිකරණයට ඉදිරිපත් කළහ.

මීලඟට පෝලිමේ සිටින්නේ උගතෙකි.

කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ හිටපු පීඨාධිපති තමිල් මාරන් මහතා සැකකරු ගැන තොරතුරු දැන ගත් ආකාරය ගැන ද විමර්ශනය කරන ලෙසත්මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.